හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අපහාසය දරා ගත නොහැකි වූ ඔහු….

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.


අයේෂ් ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක තමයි ඉගෙනීම් කටයුතු කරේ. මෙතන ඉගෙන ගන්න අයේෂ් පුදුම ආසාවකින් හිටියේ. එයාට ඕන වුනේ ඩිප්ලෝමා එකට පස්සේ උපාධිය හදාරන්න. එයා දැනගෙන හිටියා උපාධියෙන් පස්සේ ඒ ආයතනයෙන් එයාව හොඳ ජොබ් එකකට නිර්දේශ කරනවා කියලා.

කාලය ගෙවී යන කොට අයේෂ්ට හොඳ යාළුවෝ ටිකකුත් හම්බ වුණා. එයාගේ ජීවිතේ විභාග, පැවරුම් එක්ක කාර්ය බහුලව ගෙවී ගියා. අයේෂ්ට විවේකයක් ලැබුණු ගමන් කළේ එයාගේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ගිණුම් බලන එක.

දවසක් අයේෂ්ගේ ඉස්කෝලේ යාළුවෙක් එයාට කිව්වා ෆේස්බුක් එකේ අයේෂ් කියලා කෙනෙක්ගෙන් එයාට අමුතු මැසේජ් එකක් ආවා කියලා. අයේෂ්ට පුදුම හිතුනා. එයාට හිතුනා ෂුවර් එකටම මේක ව්‍යාජ ගිණුමක් (ෆේක් අකවුන්ට්) කියලා. අයේෂ් මේ ගැන හිත හිත ඉන්න කොට, එයාට මේ විස්තරේ කියපු යාළුවා කිව්වා හිතවතී ට කතා කරලා බලන්න කියලා. අයේෂ් හිතවතී ට කතා කළාම එයාට මේ ව්‍යාජ ගිණුම වාර්තා (රිපෝට්) කරන්න කියලා උපදෙස් ලැබුණා. ගිණුමක් රිපෝට් කරන්නේ කොහොමද කියලත් හිතවතී අයේෂ්ට කියලා දුන්නා. ටික දවසකට පස්සේ අයේෂ්ට ඒ ෆේස්බුක් ගිණුම අයින් වෙලා කියලා ආරංචි වුණා.


වැඩි දවසක් යන්න කලින් අයේෂ්ට එයාගේ නම, පින්තූර සහ පෞද්ගලික තොරතුරු පාවිච්චි කරලා තව ෆේක් (impersonating) අකවුන්ට් එකක් හදලා කියලා දැන ගන්න ලැබුණා. අයේෂ්ට තේරුණා මේ ෆේක් අකවුන්ට් එකෙන් නරක විදියට ගොඩක් අය එක්ක කතා කරනවා කියලා. ඒකෙන් විශේෂයෙන්ම ගැහැණු ළමයින් අතරේ එයාගේ චරිතය ගැන වැරදි චිත්‍රයක් මවා පෑවා. හිතවතී කලින් කියපු විදියටම අයේෂ් මේ අකවුන්ට් එකත් රිපෝට් කරා.

කාලයක් යන කොට අයේෂ්ට තේරුණා එයාගේ නම සහ පින්තූර පාවිච්චි කරලා එකක් ඉවර වෙන්න තව එකක් විදියට ෆේස්බුක් ෆේක් අකවුන්ට් හදනවා කියලා. මේ ෆේක් අකවුන්ට් වලින් ගොඩක් කරන්නේ නරක දේවල් කතා කරන එකයි, කාමුක දේවල් චැට් කරන එකයි (sexting). මේ ගැන කියලා අයේෂ්ගේ යාළුවෝ එයාලට ආපු මැසේජ්වල ස්ක්‍රීන්ෂොට් අයේෂ්ට එවන කොට එයා හොඳටම බය වුණා. සමහර යාළුවෝ අයේෂ්ගෙන් ඇහුවා මොකක්ද එයාට වෙලා තියෙන්නේ කියලා. එයාට තවත් මේක දරා ගන්න නම් පුළුවන් කමක් තිබුණේ නෑ. එයා ගොඩක් මානසිකව පීඩාවට ලක් වුණා. කොලේජ් යන්න ආසාව නැති වුණා.

කොලේජ් එකේ යාළුවෝ එයාට විහිලු කරා. බැච් එකේ අයේෂ්ව කොන් වුණා. මේ දේවල් වලට මුහුණ දෙන්න එයාට ශක්තියක් තිබුණේ නෑ. සමහර වෙලාවට අයේෂ්ට හිතුනා මීට වඩා හොඳයි මැරුණා නම් කියලා.


එක දවසක් හවස අයේෂ්ට එයාගේ කලින් ෆේක් අකවුන්ට් එකක් අයින් කරන්න උදව් කරපු හිතවතී මතක් වුණා. එයාට තිබුණ ඔක්කොම ප්‍රශ්න ටික එයා හිතවතීට කෝල් කරලා කිව්වා. ඒ වගේම එයා මානසිකව ලොකු පීඩනයකින් ඉන්නේ කියලත් මේ ප්‍රශ්නවලින් කොහොම හරි ගැලවෙන්න ඕනෙ කියලත් කිව්වා.

හිතවතී එයාට හොඳින් ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ කිව්වා එයාට ශක්තිමත්ව මේ දේට මුහුණ දෙන්න කියලා. එයාව මානසිකව තව දුරටත් ශක්තිමත් කරන්න මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (1926) වෙත උපදේශනය සඳහා යොමු කරා. පසුව හිතවතී විසින් අයේෂ් ඇප් එක හරහා කරන ලද මූලික වාර්තාකරණයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාදය නිසා මෙටා (ෆේස්බුක්) ආයතනයට රිපෝට් කරන්න අවශ්‍ය පියවර ගත්තා.

එහි ප්‍රතිඵලයක් විදියට ෆේස්බුක් ආයතනය අයේෂ් සිය ජීවිතයට හානි (Self-Harm) සිදු කර ගැනීමෙන් වළක්වා ගැනීම සඳහා ඔහු ලෙස පෙනී සිටි සියලුම ව්‍යාජ ගිණුම් වහාම අයින් කරන්න කටයුතු කරා.

හිතවතී වෙතින් ලැබුණු උපදේශන සහය සහ මඟපෙන්වීම නිසා කාලෙකට පස්සේ අයේෂ්ට එයාගේ සාමාන්‍ය ජීවිතය නැවත පවත්වා ගෙන යන්න පුළුවන් වුණා. එයාගේ ජීවිතය බේරා දුන්න එක ගැන අයේෂ් හිතවතීට ස්තූති කළා.


පූර්වාරක්ෂක උපදෙස්:

  • ඔබේ ෆේස්බුක් ගිණුම අගුලු දැමීම (lock) මඟින් බොහෝ අන්තර්ගතයන් සහ ක්‍රියාකාරකම් ගැන දැන ගැනීම ‘මිතුරන්ට පමණක්’ (Friends only) සීමා කළ හැක. මේ හරහා ඔබේ පින්තූර බාගත (ඩවුන්ලෝඩ්) කිරීම, සුරැකීම (save) සහ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) ලබා ගැනීම වළක්වයි. ඔබේ FB ප්‍රොෆයිල් එක අගුළු (ලොක්) දමන ආකාරය https://www.facebook.com/help/196419427651178 හි සඳහන් වේ.
  • https://www.hithawathi.lk/si/help-center-si/social-media/facebook/fake-accounts/ හරහා හෝ හිතවතී සහය ලබා ගෙන වහාම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් වාර්තා (රිපෝට්) කරන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) අමතන්න.
  • 1926 (Special Mental Health Hotline) when you feel down due to these types of incidents.

Post a Comment

0 Comments