හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක් – දෙවන කොටස


ඔබේ අවධානයට වැදගත් සුලබ ක්‍රිප්ටෝ වංචා 16 ක්

  1. ෆිශින් - ෆිශින් ඊමේල් / ෆිශින් වෙබ් අඩවි 
  2. ව්‍යාජ හුවමාරු සහ ඩිජිටල් පසුම්බි
  3. පැරණි තාලයේ වංචා
  4. බිට්කොයින් බ්ලැක්මේල් වංචා
  5. වෙනත් අයෙකුසේ පෙනීසිටින දීමනා වංචා
  6. වංචනික ICOs (Initial Coin Offering)
  7. පොන්සි (Ponzi)හෝ පිරමීඩ යෝජනා ක්‍රම
  8. රග් පුල් සහ පිටවීමේ (  Rug pulls and exit) වංචා
  9. අනිෂ්ට මෘදුකාංග (malware)
  10. Mining වංචා
  11. Pumps and dumps
  12. පෞද්ගලිකව හමුවන්න
  13. මුදල් හුවමාරු වංචාව
  14. ත්‍යාග පිරිනැමීම
  15. කප්පම් මෘදුකාංග
  16. වංචා කාසි


9.අනිෂ්ට මෘදුකාංග

අනිෂ්ට මෘදුකාංග හෙවත් මැල්වෙයා (malware) දිගු කලක් තිස්සේ මාර්ගගත වංචනිකයින්ගේ වපසරියේ ආයුධයක් ව පැවත ඇත. ක්‍රිප්ටොමුදල්වල ගුන සංකීර්ණ හා ඉහළ තාක්‍ෂණික ස්වභාවය ට නිසා මෙම ගණිතමය කේතන ක්‍රම බොහෝ පුද්ගලයින්ට හොඳින් නොතේරෙන නිසා අනිෂ්ට මෘදුකාංග දැන් පෙරටත් වඩා විශාල තර්ජනයක් එල්ල කරයි.


ණයවර පත්(credit card) සහ බැංකු ගිණුම් විස්තර සොරකම් කරනවා වෙනුවට ක්‍රිප්ටෝ ආශ්‍රිත අනිෂ්ට මෘදුකාංග සැලසුම් කර ඇත්තේ ඔබේ වෙබ් පසුම්බියට ප්‍රවේශ වී ඔබේ ගිණුම ඉවතට ගැනීම සඳහා, ඒවගේම ක්‍රිප්ටෝ මුදල් ලිපිනයන් ලබාගැනීම සඳහා සහ වින්ඩෝස් ක්ලිප් පුවරුව නිරීක්ෂණය කර ඔබේ නීත්‍යානුකූල ලිපිනය වංචාකරුවෙකුට අයත් ලිපිනයකින් ආදේශ කිරීම ට හෝ ඔබේ පරිගණකය ක්‍රිප්ටෝ මුදල් පතල්කරුවෙකුගේ අතට පත්කිරීමටයි.


හැකර්වරුන් ඉතාමත් නිර්‍මාණාත්මකව මිනිසුන්ගෙන් සොරකම් කිරීමේ ක්‍රම සොයා ගෙන ඇත. එමනිසා බිට්කොයින් යවන විට, ඔබ යවන ලිපිනය දෙවරක් හෝ තුන් වරක් පරීක්‍ෂා කිරීමට වග බලා ගන්න. සමහර අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය වූ පසු ඒ මගින් බිට්කොයින් ලිපිනයන් යම් පරිශීලකයෙකුගේ ක්ලිප්බෝඩ් එකකින් ඇලවූ විට අදාල බිට්කොයින් ලිපිනයන් වෙනස් වන අතර එමඟින් නොදැනුවත්වම සියලුම බිට්කොයින් හැකර්ගේ ලිපිනයට යැවෙනු ඇත.


බිට්කොයින් ගණුදෙනු, ජාලය මඟින් තහවුරු කරගත් පසු එය ආපසු හැරවීමට ඇති ඉඩකඩ අඩු බැවින්, සිද්ධියෙන් පසුව මෙය දැකීමෙන් අදහස් වන්නේ බොහෝ දුරට ආපසු ලබා ගැනීමට ප්‍රමාද බව හෝ නොහැකි බවයි. එබැවින් ඔබේ උපාංග වල පරිපාලක ප්‍රවේශය ලබා ගැනීමට ඔබ ඉඩ දෙන වැඩ සටහන් ගැන ඉතා ප්‍රවේශම් විය යුතු අතර,යාවත්කාලීන වූ, පිළිගත් වෛරස් ස්කෑනරයක් ද යෝග්‍ය වන නමුත් එය 100% ක් විශ්වාසවන්ත නොවේ.


ක්‍රිප්ටො මුදල්, අනිෂ්ට මෘදුකාංග වංචාවන් වළක්වා ගන්නේ කෙසේද?

 අනිෂ්ට මෘදුකාංග වලින් ඔබව ආරක්ෂා කර ගැනීම සඳහා ඔබේ ප්‍රති -වයිරස මෘදුකාංගය නිතරම යාවත්කාලීන කරන්න

 ඔබ භාවිතා කරන වැඩසටහන් පිළිගත්, නීත්‍යානුකූල සැපයුම්කරුවෙකුගෙන් බව ඔබට 100% ක් විශ්වාස නැත්නම් මිස කිසි විටෙකත් ඒවා බාගත කරගෙන ස්ථාපනය නොකරන්න

 සැක සහිත ඇමුණුම් විවෘත නොකරන්න


10. පතල් වංචා හෙවත් Mining scams

Cloud mining හෙවත් වලාකුළු කැණීමෙන් ඔබට මිල අධික දෘඩාංග මිලදී නොගෙන බිට්කොයින් වැනි ක්‍රිප්ටො මුදල් ලබා ගැනීමට ඉඩ පහසුව ඇත. නීත්‍යානුකූල වලාකුළු පතල් සේවා (cloud mining services) කිහිපයක් පවතින අතර එමඟින් නියම කර ඇති මිලට සේවාදායකයාට අවැසි ඉඩ ප්‍රමාණයක් කුලියට ගැනීමට පරිශීලකයින්ට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි. බිට්කොයින් මයිනිං සමාගම් වල ආයෝඡනය කර ඒවායින් ලාභ බෙදා ගැනීමට ද යම් නීත්‍යානුකූල ක්‍රම තිබේ.


කෙසේ වෙතත්, ක්‍රිප්ටො මුදල් කැනීම් වංචා ද ඕනෑ තරම් තිබේ. සමහරු විශ්වාස කළ නොහැකි ප්‍රතිලාභ පොරොන්දු වන අතර සැඟවුනු ගාස්තු පරාසයන් හෙළි නොකරයිඅනෙක් ඒවා පොන්සි වංචාවන් සේ ඉදිරිපත් වන අතර ඒවා සරලව සැලසුම් කර ඇත්තේ ඔබේ මුදල් වලින් ඔබව වෙන් කිරීමට ය (ඔබේ මුදල් ලබා ගැනීමටය).


එය සෘජු වංචාවක් නොවුනත්, ක්‍රිප්ටෝ මුදල් මිලදී ගැනීම, වෙනත් ඕනෑම ආකාරයක / ක්‍රිප්ටො මුදල් පතල් උපකරණ ලීසිං කිරීමද හා සසඳන විට වලාකුළු කැණීම සැමවිටම නරක ආයෝඡනයක් වේ.


බිට්කොයින් පතල් ආර්ථික විද්‍යාවෙන් (mining economics) අදහස් කරන්නේ බිට්කොයින් මිල ගණන් කුමක් වූවත්, එම මුදල් පතල් යෝජනා ක්‍රමයකට (mining scheme) ආයෝජනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට සමාන ප්‍රමාණයේ බිට්කොයින් ප්‍රමාණයක් මිලදී ගැනීම ඔබට සැමවිටම යහපත් වන බවයි.


එලෙසම ඒවා තාක්‍ෂණිකව වංචා නොවූවත් ගණිතමය පැතිකඩට අනුව සියළුම “නීත්‍යානුකූල” බිට්කොයින් වලාකුළු පතල් ව්‍යාපාර සහ පාරිභෝගිකයින් කේන්ද්‍ර කරගත් පතල් කුලියට දීමේ යෝජනා ක්‍රම නරක ආයෝඡන වේ.


ක්‍රිප්ටො/ගුප්ත ව්යවහාර මුදල් කැණීම් වංචා වළක්වා ගන්නේ කෙසේද?

 ඕනෑම අවස්ථාවක ක්ලවුඩ් මයිනිං (cloud mining ) සහ පතල්කරුවන් (miners)කුලියට දීමේ යෝජනා ක්‍රම (rent-a-miner schemes ) වලින් වළකින්න


11. පොම්ප කිරීම සහ ඩම්ප් කිරීම (Pumps and dumps)

පොම්ප සහ ඩම්ප් යෝජනා ක්‍රමයකදී, පුද්ගලයෙකු (හෝ පුද්ගලයින්) කෘත්‍රිමව මිල ඉහළ දැමීමෙන් පසු එම කොටස්/ක්‍රිප්ටො මුදල් විකුණා තමන්ගේ ලාබය ගෙන ඉවතට යාම සිදුවේ.

“පොම්ප සහ ඩම්ප්” යෝජනා ක්‍රම ලෙස හැඳින්වෙන්නේ සුදුසු වේලාවේදී වෙළඳපොළ වැරදි ලෙස හැසිරවීමයි. එසේ ගුප්තකේතන මුදල් බොහෝ විට නිෂ්ප්‍රභ කරනු ලැබීම සමපේක්ෂකයින්ගේ (speculator’s) සිහිනය සැබෑ වීමක් ලෙස සලකයි.


මෙහිදී විශාල විශාල ගැණුම්කරුවන් පිරිසක් විසින් කුඩා ප්‍රාග්ධන මිලක් සහිත විකල්ප කොයින් හෙවත් ඇල්ට්කොයින් (altcoin =alternative+coin) එකක් ඉලක්ක කර ගනී. එම විකල්ප කොයින් එකේ මිල ඉහළ නැංවීම සඳහා නිශ්චිත වේලාවකදී විශාල වශයෙන් මිල දී ගැනීම සිදු කරයි. (එමඟින් FOMO – a fear of missing out ලෙස හැඳින්වෙන තත්වය එනම් “තමන්ට හොඳ අවස්ථාවක් නැතිවී යාමේ බියක්” ඇතිකරමින් නව ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීම සිදුවේ ), ඉන්පසු සැලකිය යුතු ලෙස මිල ඉහළ යාමේ වාසිය ලබා ගැනීම සඳහා විකුණා දැමීම සිදු කරයි.


සාම්ප්‍රදායික සුරැකුම්පත් වෙළඳපොලවල(securities markets) මෙවැනි දේ නීති විරෝධී ය, නමුත් බොහෝ දුරට නියාමනය නොකරන ලද ගුප්තකේතන මුදල් ලෝකයේ පොදු සිදුවීමකි. ඇත්ත වශයෙන්ම, මෙම වංචනික ක්‍රියාව සිදුකිරීම සඳහා කැපවූ සබැඳි කණ්ඩායම් සහ සංසද කිහිපයක් ඇත, එබැවින් ඔබ බුද්ධිමත්ව මෙවැනි වංචාවන්ගෙන් බේරී සිටින්නේ කෙසේදැයි දැන ගැනීම වැදගත්ය.


පොම්ප සහ ඩම්ප් වංචාවන් වළක්වා ගන්නේ කෙසේද?

 සාමාන්‍යයෙන් අඩු වෙළඳ පරිමාවක් ඇති නමුත් හදිසියේම තියුණු මිල ඉහළ යාමක් දක්නට ලැබෙන අඩු වෙළඳපොලක් ඇති ක්‍රිප්ටෝ ගැන සැලකිලිමත් වන්න

 යම්කිසි (ක්‍රිප්ටෝ) කාසි පිලිබඳව උද්දීපනය කර කතා කරන, සමාජ මාධ්‍යවල “ව්‍යාජ ප්‍රවෘත්ති” ගැන විමසිල්ලෙන් සිටින්න

 මිලදී ගැනීමට පෙර ඕනෑම cryptocurrency වල අක්තපත්‍ර(credentials) ප්‍රවේශමෙන් ගවේෂණය කරන්න

 තමන් බිට්කොයින් මිල කුමක් වනු ඇත්දැයි දන්නා බව පවසමින්, ඔබව හෝ වෙනත් අයව ක්‍රිප්ටො මුදල් වලට ආයෝජනය කිරීමට පොළඹවන පුද්ගලයින් විශ්වාස නොකරන්න.


සිද්ධි අධ්‍යයනය: GVT පොම්ප සහ ඩම්ප් (pump and dump)

2018 ජනවාරියේදී, සයිබර් ආරක්ෂණ ගුරු එමෙන්ම ක්‍රිප්ටෝ වලට ලැදි ජෝන් මැකාෆිට (John McAfee ) අයත් යැයි කියන ව්‍යාජ ට්විටර් ගිණුමක් GVT cryptocurrency සඳහා සහය පළ කරමින් එය “දවසේ කාසිය” ලෙස නම් කළේය.


ක්‍රිප්ටෝ ප්‍රජාවේ සමහරුන්ට මෙය සමහර GVT මිලදී ගැනීමට හොඳ හේතුවක් වූ අතර, ට්වීට් එක පළ කිරීමෙන් මිනිත්තු හතරකට පසු GVT හි මිල ඩොලර් 30 සිට 45 දක්වා ඉහළ ගොස් වෙළඳ පරිමාව දෙගුණයකින් වැඩි විය. මිනිත්තු 15 කට පසුව, මුල් ගැනුම්කරුවන් “ නොසලකා හරිමින් දමා(pump)” යාමෙන් පසු නැවත වරක් GVT මිල ඩොලර් 30 සීමාව වෙත පැමිණියා.


වඩාත් සමීපව පරීක්ෂා කිරීමේදී, අදාල ට්විටර් ගිණුම ව්‍යාජ එකක් බවත් එය මැකාෆි (McAfee) සමඟ කිසිසේත් සම්බන්ධ නැති බවත් අනාවරණය විය. ඒ වෙනුවට, එය සිදුකර තිබුනේ “බිග් පොම්ප සිග්නල්” (Big Pump Signal)නමින් චැට් රූම් එකක සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද පොම්ප සහ ඩම්ප් යෝජනා ක්‍රමයේ ප්‍රධාන ක්‍රීඩකයෙකි.


12. පුද්ගලිකව හමුවීම්


දේශීයව බිට්කොයින් මිලදී ගැනීමේදී හෝ විකිණීමේදී, හුවමාරුව සිදුකිරීම සඳහා යම් පුද්ගලයකු මුණගැසීමට ඔබෙන් ඉල්ලා සිටිය හැකිය. එම පුද්ගලයා ඔබ දැනටමත් දන්නා විශ්වාසදායක පාර්ශවයක් නොවේ නම්, මෙය ඉතා අවදානම් සහගත යෝජනාවක් වන අතර එමඟින් ඔබ ගෙන් සොරකම් කිරීමට හෝ ඔබට ශාරීරික හානි සිදුවීමට ඉඩ ඇත. මෙම වංචාකරුවන් බිට්කොයින් වෙනුවට ව්‍යාජ ෆියට් මුදල් (counterfeit fiat currency)හුවමාරු කර ගන්නා බව ද නොරහසකි. යම් කෙනෙකුව පුද්ගලිකව හමුවීම වෙනුවට අරමුදල් ලබා ගැනීම සඳහා අතරමැදි කෙනෙකු සමග සිදුකිරීම (peer-to-peer)සලකා බලන්න.


13. මුදල් හුවමාරු වංචාව


යම් නොදන්නා පුද්ගලයෙකුට යම් මුදලක් වෙනත් තැනකට යැවීමට ඔබේ උදව් අවශ්‍ය බවත් ඉන්පසු ඔබේ සේවාවන් සඳහා හුවමාරුවක් වශයෙන් ඔබට අරමුදල්වලින් කොටසක් ලැබෙනු ඇති බවත් පවසමින් ඊමේල් හෝ අභ්‍යන්තර සන්නිවේදන ක්‍රම මගින් ඔබට සම්බන්ධ කරගන්න අවස්ථාවකදී පිළිතුරු නොදෙන්න. ඒ සඳහා සම්බන්ධ නොවන්න.


14. දීමනා ලබා දෙන්න


මෙම වංචාකරුවන් විසින් නොමිලේ දෙනු ලබන තෑගි ලබා ගැනීම සඳහා කැමති පුද්ගලයන් තමන්ගේ තොරතුරු වංචාකරුවන්ට ලබාදීමට පොළඹවයි. උදාහරණයක් ලෙස, ත්‍යාගයක් ලබා ගැනීම සඳහා නමක්, ලිපිනයක්, ඊමේල් සහ දුරකථන අංකයක් සැපයීම. ඔබ මෙන් පෙනී සිටීමෙන් ඔබේ ගිණුම් වෙත ප්‍රවේශය ලබා ගැනීම සඳහා තොරතුරු භාවිතා කිරීමට හැකර්වරයෙකුට මෙය ඉඩ කඩ සලසා දෙයි.


15. රැන්සම්වෙයා (Ransomware)


මෙය බිට්කොයින් වලින් කප්පම් මුදලක් ගෙවන්නේ නැත්නම්, යම් උපාංගයකට (device) ප්‍රවේශ වීම අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම අවහිර කරන අනිෂ්ට මෘදුකාංග වර්ගයකි. කප්පම් ගෙවීමට වඩා එය ඉවත් කිරීමේ සහාය සඳහා විශ්වාසදායක පරිගණක වෘත්තිකයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය. ඔබගේ උපාංගවල, විශේෂයෙන් පරිපාලක ප්‍රවේශය ඉල්ලා සිටින වැඩසටහන් පිළිබඳව ඔබ ප්‍රවේශම් වන්න. ඔබ බාගත කරන යෙදුම(application/software) ඔබ අතීතයේ භාවිතා කළ නීත්‍යානුකූල එකක් ලෙස පෙනී සිටින ව්‍යාජ එකක් නොවන බව දෙවරක් පරීක්ෂා කිරීමට වග බලා ගන්න.


16. ස්කෑම් කාසි (Scam Coins)


විකල්ප කාසි (altcoins) සඳහා ආයෝජනය කිරීමේදී ප්‍රවේශම් වන්න. Altcoins ආකාර අතර වංචා කාසි තිබිම, පුද්ගලික විකුණුම් හරහා ආයෝජනය කිරීමට පරිශීලකයින් පෙළඹවීම, නැතහොත් පෙර විකුණුම් වට්ටම් (presale discounts) සහිතව සිදුකිරීම වෙයි. වංචා කාසි scam ඉතා ලස්සනට සකසන ලද වෙබ් අඩවියක ඇතුළත් විය හැකි අතර / හෝ විශාල ප්‍රජාවක් අතර මේ පණිවුඩය පැතීරීමෙන් එය මෙම වෙබ් අඩවිය/කාසි සොයා ගන්නා පුද්ගලයින්ට එහි වාසිය නැතිවේ යැයි බියක් ඇති කරයි. මේ මගින් මිල ඉහළ දැමීම සිදුකර මුල් හිමිකරුවන්ට ලාභ ගැනීම සඳහා ඔවුන්ගේ තනතුරු අතහැර දමා පිටවීමට හැකිවේ. විශාල ප්‍රජාවන් නොමැති වංචා කාසි scam මගින් airdrops (අහසින් වැටෙන කාසි) ක්‍රමය සිදු කරයි – වංචාකරුවන්ගේ ප්‍රජාවන්ට සම්බන්ධ වීම වෙනුවෙන් මිනිසුන්ට නොමිලේ කාසි (හෝ ටෝකන) ලබා දේ. මෙමඟින් ‘වංචා කාසි’ වංචාකරුවන් ඔවුන්ගේ ක්‍රියාකරකම් වඩා ආකර්ෂණීය ලෙස වැඩිකර පෙන්වීම මගින් මුදල් ආයෝජකයන්ට හොඳ අවස්ථාවක් නැතිකරනොගැනීමට මෙම ‘වංචා කාසි’ ගැනීමට පෙළඹවීමක් සිදුකරයි. බිට්කොයින් යන වචනය භාවිතා කරමින් වංචා කාසි වල නීත්‍යානුකූල සම්බන්ධතාවයක් ඇතැයි හැඟීමක් ලබාදීම මගින් මිනිසුන් නොමඟ යැවීම සිදුකල හැකිය.


Resources :

https://www.finder.com.au/bitcoin-scams

https://bitcoin.org/en/scams

Post a Comment

0 Comments