මෙහි එන නම් ගම් මනංකල්පිතයි.
වයස අවුරුදු 17 ක් වූ සුසිලාගේ දියණිය, හානිකර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කොල්ලෙක් සමඟ රහසිගතව පෙම් පටලැවිල්ලක් ඇති කරගෙන තිබෙන බව දිනක් සුසිලාට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණා. ඒ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි තම දරුවාගේ යහපත වෙනුවෙන් එය කඩා බිඳ දැමීමට ඇය වහා මැදිහත් වුණා. මේකට හොඳටම තරහ ගිය කොල්ලා සුසිලාට තර්ජනය කළේ ඔහු කෙසේ හෝ සුසිලාගෙන් පළිගන්නා බව අඟවමින්.
පහුවදා සුසිලාට ඔහුගෙන් ටික්ටොක් වීඩියෝවක සබැඳියක් (ලින්ක්) සහිත මැසේජ් එකක් ආවා. ඇයට තම දෑස් අදහාගත නොහැකි වුණා; එම වීඩියෝවේ දිස් වූයේ ඇගේ දියණිය තිරයක් (ස්ක්‍රීන්) ඉදිරියේ ඇඟලා සිටි ඇඳුම් ගලවන අයුරුයි.
“අනේ මොනවද මේ වෙන්නේ? මගේ දුවට මං වැරැද්දක් කරාද?
මං කොහොමද මේ ජරා වීඩියෝ කෝල් රෙකෝඩිං, ටික්ටොක් මඟුල් අයින් කරන්නේ?
මං මේක නැවැත්තුවා, දැන් ඌට පිස්සු කියලා දුවට කියන්නේ කොහොමද?
මේ ප්‍රශ්න එක්ක එයාට විභාගවලට ඉඳගන්නත් බැරි වෙයි.
මිනිස්සු මේවා දැක්කොත් දුවට පාරේ බැහැලා යන්න බැරි වෙයි. එයාගේ ජීවිතේ විනාස වෙයි.
අයියෝ අපිට මේ රටේ නිදහසේ ජීවත් වෙන්නත් බැරි වෙයි”
මේවගේ නානාප්‍රකාර අසුභවාදී සිතුවිලි ඇගේ මනසේ වද දෙන්න පටන් ගත්තා.මෙවැනි ගැටලුවකදී කළ යුත්තේ කුමක්ද කියා ගුගල් එකේ උදව් හොයමින් සිටියදී හිතවතී කියලා වෙබ්අඩවියක් ඇයට හමුවුණා. බයෙන් හඬමින් ඇය ඔවුන්ගේ දුරකථන අංකයට කතා කළා.
ඇගේ කතාවට සංවේදීව කන් දුන් හිතවතී කීවේ අදාළ ටික්ටොක් වීඩියෝව, ටික්ටොක් යෙදුම (ඇප්) හරහාම වාර්තා (රිපෝට්) කිරීමෙන් එය සැඟවිය හැකි බවයි. කෙසේ වෙතත්, හිතවතී නිර්දේශ කරේ ඒ වන විටත් ඇගේ දියණියට වයස අවුරුදු 18ට අඩු බැවින් 1929 ළමා උපකාරක දුරකථන අංකය අමතා එවැනි අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි. ඒ අනුව මෙවැනි ළමා අපයෝජන සුළු කොට තැකිය නොහැකි බව තේරුම් ගත් සුසිලා කාරණාව සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කිරීමට තීරණය කළා. කර කියා ගන්න දෙයක් නැතිව සිටි සුසිලාට හිතවතී ලබා දුන් නිසි මඟපෙන්වීම ගැන ඇය හිතවතීට ස්තුති කළා.
පූර්ව ආරක්ෂක උපදෙස්:
- වින්දිතයා දරුවෙකු (අවුරුදු 18 ට අඩු) නම්, ඔවුන්ට එරෙහිව සිදුවන අපරාධ සුළු කොට තැකීම (ගණන් නොගෙන සිටීම / සැඟවීම) වැඩිහිටියන් වශයෙන් අපි ඔවුන්ට කරන සාධාරණයක් නොවන බැවින් නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා පහත සඳහන් ආයතනයක් හා සම්බන්ධ වීම නිර්දේශ කෙරේ.
- දරුවන්ට එරෙහි සියලුම ආකාරයේ අපයෝජනයන් විමර්ශනය කර ඒවා සිදුවීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කැපවී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ1929 ළමා උපකාරක අංකය (භාෂා තුනෙන්ම පැය විසි හතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත ක්ෂණික ඇමතුම් සේවාව) අමතන්න.
- එවැනි අපරාධකරුවන්ට එරෙහිව පැමිණිලි කිරීමට ළමුන්ට සහ කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය(දුරකථන: 011 244 4444) අමතන්න.
1 Comments
One of the best hackers out there now Brillianthackers800@gmail.com, They can help with low credit scores, spy on your spouses to know if they are cheating, clear bad criminal record (databased)...... Just name it any kind of hack you want to think of they can break the code and get the job done, they are reliable, thrust worthy and they deliver right on time, the kind of job they carried for me private and the best part of it all your secret is save with them, you can chat with them via whatsapp +13013378042 and the rest will be history trust me.
ReplyDelete