හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කෙනෙක් ඔවුන් ඉමෝ හි කතා වූ සියල්ල දැන ගෙන

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.

රංග විදේශගතව සිටි නිසා කොළඹ පිහිටි හවුල් බෝඩිමක කුලී පදනම මත ජීවත් වූ ඔහුගේ බිරිඳ මායා සමඟ නිතර දුරකථනයෙන් අන්තර්ජාලය හරහා කතා කළා. කෙසේ වෙතත්, ඇය සෑම සිකුරාදා දිනකම සවස ගෙදර ගොස් සඳුදා දිනවල නැවත කෙළින්ම කාර්යාලයට පැමිණියා.

ඇය සති අන්තයේ නිවසේ සිට ‘ඉමෝ’ ඇප් එක හරහා රංග සමඟ ඇති තරම් කතා කිරීමට විවේකීව සිටියා. මෙම යුවළ එකිනෙකාගෙන් දුරස්ව සිටි බැවින් ඔවුන්ට කතා කිරීමට හා බෙදා හදා ගැනීමට පෞද්ගලික දේවල් රාශියක් තිබුණා.



දිනක් මායා බෝඩිමේදී, එහි සිටි තවත් මිතුරියක් සමඟ කතාබස් කරමින් සිටියදී, සති අන්තයේ තම ස්වාමිපුරුෂයා සමඟ කතා වූ පෞද්ගලික දෙයක් මිතුරිය කෙසේ හෝ දැන ගෙන ඇති බැව් මායාට දැනෙන්න පටන් ගත්තා. කතාබහ දිගටම කර ගෙන යන විට, බෝඩිම් කාමරයේ මිතුරිය තමා හා සැමියා අතර වූ සංවාදය පටිගත කළේද යන්න මායාට සැකයක් මතුවිය. නමුත් එය සිදුවන්නේ කෙසේද? ඒ වන විට මායා සිටියේ නිවසේය. මේ ගැන ඇය තරමක් කලබල වූ අතර කාගෙන් හෝ උපදෙස් ලබා ගැනීමට සිතුවා. වාසනාවකට මෙන් ඇය ෆේස්බුක් හි අනුගමනය (follow) කරමින් සිටි හිතවතී පිටුවේ මෙවැනි ගැටලුවලට සහය සඳහා ඇමතිය යුතු දුරකථන අංකයක් විය.

මෙම ගැටලුව මායා නොදැනුවත්වම හැක් (hacked) වී ඇති ඇගේ ඉමෝ ගිණුම සමඟ බැඳී ඇති බැව් හිතවතී හඳුනා ගත්තා. වෙනත් යෙදුම් (apps) සමඟ සසඳන විට හැක් කිරීමට පහසු, එකවර උපාංග (devices) 10 කින් වුවද ලොග් විය හැකි ඉමෝ ඇප් එක මකා දමන (delete) ලෙස ඔවුහු ඇයට උපදෙස් දුන්නා. (සරලව පැහැදිලි කරනවනම්, ඉමෝ කියන්නේ අන්තයකින් අන්තයකට සංකේතිත / එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ටඩ් නොමැති ආරක්ෂාව අතින් ඉතා දුර්වල ඇප් එකක්). තවද ඇය සහ රංග කතාබස් කරන දේ කාටවත් බැලීමට නොහැකි වට්ස්ඇප් වැනි එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ටඩ් (end-to-end encrypted) ලක්ෂණය සහිත ආරක්ෂිත පණිවුඩ යෙදුමක් (messaging app) ඉන්ස්ටෝල් කර ගන්නා ලෙස හිතවතී ඇයට නිර්දේශ කළා. මායා මෙම තත්ත්වය ඉතා භායානක බවත් අවදානමකින් තොරව සයිබර් අවකාශයේ ආරක්ෂිතව සිටීම ඉතා වැදගත් බවත් වටහා ගත්තා. එමනිසා, ඇය යෙදුම ඉවත් කිරීමට තීරණය කළ අතර හිතවතී දුන් උපදෙස් පරිදි වඩාත් ආරක්ෂිත යෙදුමකට මාරු විය. ගැටලුව හඳුනා ගැනීමට තමාට සහයෝගය දැක්වීම සහ වඩා හොඳ තීරණයක් ගැනීමට මඟ පෙන්වීම පිළිබඳව ඇය අවසානයේ හිතවතී හට ස්තූති කළා.


පූර්ව ආරක්ෂක උපදෙස්:
  • අන් අය සමඟ සම්බන්ධ වීමට, පහසුවෙන් හැක් විය හැකි අනාරක්ෂිත පණිවිඩ යෙදුම් (මැසේජිං ඇප්ස්) භාවිතා නොකරන්න.
  • සයිබර් අවකාශයේ ආරක්ෂාව සහතික කරන අන්තයකින් අන්තයකට සංකේතිත / එන්ඩ්-ටු-එන්ඩ් එන්ක්‍රිප්ටඩ් ලක්ෂණය සහිත පණිවිඩ යෙදුම් භාවිතා කරන්න.


Post a Comment

0 Comments