හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කොරෝනා හෙවත් කොවිඩ් – 19 ජය ගනිමු!!!


දැනුවත් වන්න …. සූදානම් වන්න…….. වගකීමෙන් කටයුතු කරමු.
ලෝකවාසී සියළුම ජනතාව මුහුණු දෙමින් සිට්න්නාවු මෙම කොරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසයට එරෙහිව අපි සැම එක්ව කටයුතු කරමු. ඒ සඳහා අප අනුගමනය කල යුතු කරුණු කිහිපයක්:
  • සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන් විසින් ලබා දෙන්නා වූ උපදෙස් නෙපිරිහෙලා ඉටු කරමු.
  • නිසි ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමු
  • නිතරම සබන් ගා අත් සෝදා පිරිසිදු කර ගනිමු
  • නිවසින් බැහැරව යන සෑම විටම මුඛ ආවරණ පළඳිමු
  • හැකි තරම් නිවසට වී සිටිමු
  • පිටස්තර අයකු මුණ ගැසීමට සිදු වන්නේ නම් නිතරම දුරස්ථ භාවය පවත්වා ගනිමු. ( නිතරම මීටරයක් දුරින් සිටීමට වගබලා ගනිමු)
  • හැකි සෑම විටම බැංකු කටයුතු සිදු කිරීමේදී ඔන්ලයින් බෑනිකිං (Online banking) භාවිතා කරමු
  • ATM ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතයේදී ප්‍රවේශම් වෙමු
    කිසිඳු විටෙක පිටස්තර පුද්ගලයින් සමඟ කිසිවක් හුවමාරු කර නොගනිමු.
  • භාවිතා කරන දේ නිතරම පිරිසිදු කර ගනිමු
  • ඔබට නිවසේ සිට පරිගණක/අන්තර්ජාලය භාවිතා කර ඔබේ රැකියා කටයුතු කළ හැකි අයෙක් නම් ඒ සඳහා යොමු වන්න. ඒ සඳහා ඔබේ ආයතනයේ අදාල පද්ධති කළමණාකරන (System administrator) නිලධාරියා සමග දුරකතනයෙන් සම්බන්ධව උපදෙස් ලබාගන්න
විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන ඔබ මේ කාරණා ගැනද සැලකිලිමත් වන්න;
අවධානයෙන් සිටින්න! මේ කාලයේ පවතින තත්වය ප්‍රයෝජනයට ගනිමින් ඔබව අන්තර්ජාල වංචාවන්ට හසු කරගැනීමට ඇතැම් අන්තර්ජාල වංචාකරුවන් උත්සාහ කරනු ඇත.
  • මේ දිනවල විය හැකි ඒවැනි වංචා/ අනතුරු සහ ඉන් වැලකෙන ආකාරය පිලිබඳ විස්තරයක් මෙතැනින් බලන්න. ඔබට ලැබෙන ඉමේල් පිලිබඳව වඩා විමසිලිමත් වන්න. (අනතුරුදායක ඉ-මේල් හදුනාගන්නේ කොහොමද?)
  • කිසිඳු විටෙක ඔබගේ මුරපදය රහස් පදය කිසිදු කෙනෙකුට කිසිඳු ආකාරයකින් ලබා නොදීමට වගබලා ගන්න.
  • අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදු කිරීමේදී ඉතා පරීක්ෂාකාරී වන්න. ඔබ ගනුදෙනු කරන වෙබ් අඩවිය අදාල ආයතනයේ/බැංකුවේ සත්‍ය වෙබ් අඩවිය දැයි පරීක්ෂාකාරී වන්න. (අදාල වෙබ් අඩවියේ පෙනුමට සමාන ලෙස සකසන ලද ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයේ පවතී) මේ ගැන දැනගන්න මේ ලිපිය බලන්න..
  • ඔබ /ඔබේ දරුවන් අන්තර්ජාලය භාවිතා කරනු ඇත.ඔවුන් ඉහත අනතුරු වලින් වලකා ගන්නා ආකාරය ගැන දැනුවත් වන්න. මේ ලිපියෙන්
කොරෝනා හෙවත් කොවිඩ් – 19 ජය ගැනීම ඔබ අප සියළුම දෙනාගේ ජාතික වගකීමක් වේ මේ සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දෙමු.
තවත් මේ සම්බන්ධ විස්තර ඉදිරියේදී ඔබට ලබාදෙන්නෙමු. රැදෛන්න අප සමග අපේ ෆේස්බුක් පිටුව :www.facebook.com/hithawathi


Post a Comment

0 Comments