හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් දකුණු ආසියානු ආරක්‍ෂිත සමුළුව 2019


ෆේස්බුක් ආයතනයේ විශ්වාසනීය හවුල්කරුවෙකු ලෙස 2019 නොවැම්බර් 19 වන දින නවදිල්ලියේ පැවති ෆේස්බුක් දකුණු ආසියානු ආරක්‍ෂිත සමුළුව 2019සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට හිතවතී වෙත අවස්ථාව ලැබුණි. දෙවන වරට සංවිධානය කරන ලද මෙම සමුළුවට ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල පාර්ශවකරුවන් ද එක්විය.



දකුණු ආසියානු රටවල ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතය සමඟ පැන නඟින ගැටළුවලට මුහුණ දෙන සමාජය සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සමුළුව සියලු උත්සාහයන් ගත්තේය. ඒ අතර ඉන්දියාවේ කාන්තා හා ළමා සංවර්ධන ඇමතිතුමිය විසින් ඔන්ලයින් ආරක්ෂාව සම්බන්ධ ඉගෙනුම් මොඩියුල ඇතුළත් ‘We Think Digital’ වෙබ් අඩවිය දියත් කරන ලදී. එහිදී දකුණු ආසියානු රටවල සිදුවන ගෘහස්ථ හිංසනය, සමාජයේ 50% ක සහයෝගය සහ සාධාරණීකරණය මත සිදුවන බව දැන ගැනීම තරමක් කණගාටුදායක විය.

සමුළුවේ න්‍යාය පත්‍රයට අනුව විවිධාකාර ඉදිරිපත් කිරීම් සහ වට මේස සාකච්ඡා කිහිපයකට බඳුන් වූ මාතෘකා අතර ෆේස්බුක් සිය හවුල්කරුවන්, ප්‍රතිපත්ති, මෙවලම්, සම්පත් සහ ප්‍රතිපෝෂණය පිළිබඳ විස්තරයක්ද, අනාගතයේදී ළමා අපයෝජන පින්තූර (abusive images) ප්‍රකාශයට පත් කිරීම වැළැක්වීම සඳහා විවෘත-මූලාශ්‍ර (open-source) ඡායාරූප වීඩියෝ ගැලපුම් තාක්‍ෂණය, Child Safety Hackathon, පෙම් සබඳතා බිඳවැටීමෙන් පසු එකඟතාවයකින් තොරව (තර්ජනය කිරීමට / පළිගැනීමට) පළ කරන සමීප රූප, ‘Let's Talk’ නැමති සියදිවි නසාගැනීම් වැළැක්වීමේ මානසික සෞඛ්‍ය පදනම, මිනිස් ජාවාරම, ඉන්ස්ටග්‍රෑම් හි නව මෙවලම් (කාලය කළමනාකරණය කිරීම, රහස්‍යතා සැකසුම්, අදහස් තෝරා බේරා ගත හැකි අන්තර්ක්‍රියා, අවහිර කිරීම වෙනුවට සීමා කිරීම, අදහස් දැක්වීමේ අනතුරු ඇඟවීම් - දැනට ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් ක්‍රියාත්මක, කැමති / likes සැඟවීම සහ වාර්තාකරණය), ‘Aarambh India’, ලිංගික අපරාධවලින් ළමයින් ආරක්ෂා කිරීම, වෛරී ප්‍රකාශ සහ නිරුවත වාර්තා කිරීම, ‘Counter Speech Fellowship’ (CSF), ‘The Queer Muslim Project’ සහ ආබාධිතයන් ඇතුළු කාන්තාවන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය මෙන්ම සමානාත්මතාවය ඇති කිරීම යනාදිය වැදගත් විය. එහි දී ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ නීති පිළිබඳවද ප්‍රශ්න කෙරිණි.



මෙම සමුළුව හරහා හිතවතී හට තරමක් දුරට සමාන අරමුණු සඳහා ක්‍රියා කරන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක සම්පත් දායකයින් රැසක් හමුවීමට මඟ පෑදෙන ලදී.

Post a Comment

0 Comments