හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අවහිර කිරීම යනු කුමක්ද? ඔබ කිසියම් පුද්ගලයෙකු අවහිර කරන්නේ කෙසේද?

ඔබ කෙනෙකු අවහිර කරන විට, එම තැනැත්තාට තවදුරටත් ඔබව ටැග් කිරීම හෝ ඔබගේ කාලරේඛාවේ (timeline) පළ කරන දේවල් දැකීම වැනි දේවල් කිරීමට නොහැකිය.
ඔබ විසින් කවුරුහරි අවහිර කරන විට හරියටම සිදුවන්නේ කුමක්ද?
ඔබ කිසියම් පුද්ගලයකු අවහිර කරන විට, එම පුද්ගලයාට පහත සඳහන් දෑ කළ නොහැකිය:
·      ඔබේ පැතිකඩෙහි (profile) ඔබ විසින් පළ කරන දේවල් බලන්න
·      පෝස්ට්, අදහස් හෝ ඡායාරූප වල ඔබව සලකුණු (tag) කරන්න
·      උත්සව/ක්‍රියාකාරකම් හෝ ෆේස්බුක් සමූහයන් සඳහා ඔබට ආරාධනා කරන්න
·      ඔබ සමඟ සංවාදයක් ආරම්භ කරන්න
·      ඔබව මිතුරෙකු ලෙස එක් කරන්න
ඔබ යම් ෆේස්බුක් පරිශීලකයෙකු ෆේස්බුක් මිතුරුකමෙන් අවහිර කරයි නම් , ෆේස්බුක් විසින් ඔබවද අදාල පුද්ගලයාගේ ෆේස්බුක් මිතුරුකමෙන් ඉවත් කරයි. ඔබට යමෙකු මිතුරුකමින් ඉවත් කිරීම අවශ්‍ය නොවන අතර ඔවුන්ගේ ෆේස්බුක් පෝස්ට් අඩුවෙන් දැකීමට නම්, ඔබට ඔවුන්ගෙන් “විරාමයක්”ගත හැකිය.
ඔබ විසින් යම් පුද්ගලයෙකු අවහිර කළ විට, ඔවුන් සමඟ සංවාදයක් ආරම්භ කිරීමට හෝ ඔවුන් මිතුරෙකු ලෙස එකතු කරන්නට ඔබට නොහැකි වනු ඇත. කෙනෙකු අවහිර කිරීම මගින් සියලු සන්නිවේදනයන් හෝ අන්තර්ක්‍රියා වලක්වීම (උදාහරණ: යෙදුම් හෝසමූහයන්) සිදු නොවන අතර එය එම පුද්ගලයා සමඟ ෆේස්බුක් එකේ ඔබේ අන්තර් ක්‍රියාකාරීත්වයට පමණක් බලපාන බව මතක තබා ගන්න.

ඔබගේ ෆේස්බුක් ගිණුමේ අවහිර කිරීම් සැකසීම් (blocking settings) මගින් යම් කෙනෙකු අවහිර කිරීමට:
1.      ෆේස්බුක් එකේ ඉහළ දකුණු පස Description: https://static.xx.fbcdn.net/assets/?revision=264405117560211&name=fb-darkbluechevron-desktop&density=1 ක්ලික් කර සැකසුම් (settings) තෝරන්න.
2.      ෆේස්බුක් හි වම් පපස ඇති “Blockingයන්න ක්ලික් කරන්න
3.      වම් පැත්තේ මෙනුව තුළ Blocking ක්ලික් කරන්න.
4.      ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ නම ඇතුලත් කර Block” ක්ලික් කරන්න.
5.      දිස්වන ලැයිස්තුවේ සිට අවහිර කිරීමට අවශ්‍ය නිශ්චිත පුද්ගලයා තෝරා බ්ලොක්> බ්ලොක් [නම] (Block > Block [name] )ක්ලික් කරන්න.

ඔබ ඔවුන්ව අවහිර කරන බව කාටවත් දැනුම් දෙනු නොලැබේ.

ඔබට මෙම ක්‍රමය භාවිතා කරන කෙනෙකු සොයාගත නොහැකි නම්, පුද්ගලයාගේ පැතිකඩට (profile) ගොස් ඔවුන්ගේ ආවරණ ඡායාරූපයේ (cover photo) මෙනුවෙන්  Description: https://static.xx.fbcdn.net/assets/?revision=264405117560211&name=fb-3dotseventsettings-Desktop&density=1 Block තෝරාගන්න.

සටහන: ඔබ කෙනෙකුව අවහිර කිරීම ඉවත් කළ විට (unblock), ඔබ එම පුද්ගලයා සමඟ නැවත ස්වයංක්‍රීයව ෆේස්බුක් මිතුරකු ලෙස සම්බන්ධ වන්නේ නැත. ඔබ මිතුරෙකුව අවහිර කර ඉන්පසුව අවහිරය ඉවත් කරන්නේ නම්, ඔබට ඔවුන් වෙත නව මිතුරු ඉල්ලීමක් (friend request) යැවීමට සිදුවේ.

මූලාශ්‍රය: https://www.facebook.com/help/168009843260943?helpref=uf_permalink

Post a Comment

0 Comments