හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් ගිණුමට මගේ තොරතුරු දන්නේ කොහොමද?

ෆේස්බුක් ගිණුමට මගේ තොරතුරු දන්නේ කොහොමද?

ඔබගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම්,තොරතුරු බාගත කිරීම ගැන වැඩි විස්තර දැන ගත හැක.
ඔබගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු සියල්ලම එක් ස්ථානයකට පිවිසීමෙන් බැලීමට හැකියාව තිබේ. ෆේස්බුක් හි ඔබේ තොරතුරු සමාලෝචනය කර පාලනය කිරීමට ඔබට මෙවලම් සහ සම්පත් (tools and resources ) කිහිපයක් තිබේ.

ෆේස්බුක් ගිණුමේ ඔබගේ තොරතුරු වලින් ඔබගේ ගිණුම ගැන කියන්නේ මොනවාද?
ඔබගේ ෆේස්බුක් ගිණුමේ Settings වල recent activity  හරහා ඔබගේ තොරතුරු සියල්ලක්ම සමාලෝචනය කළ හැකිය.




ඔබගේ ෆේස්බුක්ගිණුමේ තොරතුරු පරිගණකයකින් බැලීම සඳහා පහත දේ කරන්න:
1. ෆේස්බුක් පිටුවේ ඉහළට යන්න ක්ලික් කරන්න.
2. සැකසීම් (settings) ක්ලික් කරන්න.
3. ඔබේ ෆේස්බුක් තොරතුරු ක්ලික් කරන්න.
4. තොරතුරු සමාලෝචනය කිරීමට ඔබට අවශ්‍ය තොරතුරු වෙත ගොස් දර්ශනය (view) මත ක්ලික් කරන්න.

ෆේස්බුක් ගිණුමේ තොරතුරු (Information) කොටසේ සැකසීම් (settings) වල මෙම මෙවලම් සහ සම්පත් තිබේ.
§ ඔබේ තොරතුරු වෙත පිවිසෙන්න: ඔබට ඕනෑම අවස්ථාවකදී සහ එකම ස්ථානයකදී ෆේස්බුක් තොරතුරු සාරාංශය බැලිය හැක. අප විසින් සොයන දේ සොයා ගැනීමට මෙසේ  තොරතුරු අනුව වර්ග කර තිබේ.
§ ඔබේ තොරතුරු බාගත කරන්න: ඔබගේ ෆේස්බුක් ගිණුමේ ඇති තොරතුරු වෙන වෙනම ලබා ගැනීමට ඔබට අවශ්‍යයි නම්, ඒ සියල්ල එකවර බාගත කර ගැනීමට හැක. නැතහොත් තොරතුරු වෙන වෙනම ද බාගත කළ හැක. මෙහිදී ඔබට අවශ්‍ය කාලසීමාවද ලබාදිය හැක. ෆේස්බුක් ගිණුමේ ඇති තොරතුරු බාගත කිරීම හරහා වැඩි විස්තර ලබා ගත හැක.
§ ක්‍රියාකාරී ලොගය (Activity Log): ඔබගේ ෆේස්බුක් ගිණුමේ ක්‍රියාකාරකම් සිදු වී ඇති ආකාරය බලා ගත හැකි වන්නේ Activity log එක මගිනි. ඔබගේ ෆේස්බුක් ගිණුමේ බෙදාගත් (Share) දේවල්, ඔබ විසින් භාවිතා කරන ලද යෙදුම් (apps)  හෝ ඔබ සොයන ලද දේ වලට සහ ඔබ අදහස් පළ කර ඇති ලිපිවලට මෙන්ම ඔබ like කර ඇති දේවල් ක්‍රියාකාරි ලොගය‍ මගින් කැටිකොට කළමනාකරණය කර තිබේ. ඔබගේ ක්‍රියාකාරකම් ලොගය ගැන තවත් දැනගන්න.
§ ඔබගේ තොරතුරු කළමනාකරණය කිරීම: ඔබගේ ෆේස්බුක් ගිණුම ගැන ඔබට ඇති ගැටළු සහ ඒ සඳහා ඇති පොදු පිළීතුරු සහ එම තොරතුරු කළමණාකරනය කරන ආකාරය පිළිබඳව මෙහිදී අවබෝධයක් ලබා ගත හැකි වේ. 
§ ඔබේ ගිණුම සහ තොරතුරු මකා දමන්න: ඔබගේ ෆේස්බුක් ගිණුම සහ ඔබගේ තොරතුරු ස්ථිරවම මකා දමන්න.
සටහන: Privacy Shortcuts  හරහා ඔබගේ දත්ත සහ පුද්ගලික සැකසුම් පාලනය කිරීම පිළිබඳ වැඩි විස්තර දැනගත හැක.
Source: https://www.facebook.com/help/1701730696756992?helpref=hc_global_nav

Post a Comment

0 Comments