හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ගුරුතුමියට පාඩමක්




ශකිලා නුවරඑළියෙ ඉස්කෝලෙක උගන්වපු ගුරුවරියක්. එයා කසාද බැඳලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ජීවිතේ හොඳම කාලේ ගත කරමින් හිටියේ. අලුත් හීනත් එක්ක ජීවිතේ සැහැල්ලුවෙන් හා සතුටෙන් ගත වුණා. ඒත් මේ සතුට දිගු කල් තිබුණේ නෑ.

දවසක් උදේ ශකිලා ඉස්කෝලේ ඉන්න වෙලාවෙ ළමයි, අනිත් ගුරුවරු පොඩ්ඩක් අමුතු විදියට එයා දිහා බලනවා වගේ ශකිලාට තේරුණා. ඉස්කෝලේ පුරා අමුතු කටකතාවක් පැතිරෙනවා කියලා වගේම මහ නරක ආරංචියක් ශකිලාට දැනගන්න ලැබුණා, එයාගෙ ස්ටාෆ් එකේ හිටපු රේණුකාගෙන්.

රේණුකා: මේ.. ඔයාට පොඩි දෙයක් කියන්න තියෙනවා, ඒත් ඔයාගෙ තත්ත්වෙත් එක්ක මේක කියනවද නැද්ද කියලා මම සෑහෙන කල්පනා කරා.

ශකිලා: ඒ මොකක්ද? මටත් පොඩි අමුත්තක් දැනුනා මේ දවස් ටිකේ. මාත් කල්පනා කර කර හිටියෙ ඒ ගැන.

රේණුකා: ඒ ලෙවල් පන්තියේ ළමයෙක් අපේ ගණන් සර්ට කියලා ඔයා එයාට නරක විදිහට මැසේජ් කරා කියලා. මම මේක ඔයාට කියන්න නෙමේ හිටියෙ, ඒත් මට හිතුණා මේක තව නරක අතට යයි කියලා. මම ඒ සර්ටත් කිව්වා ඔයා නම් වෙන්න බෑ කියලා.

ශකිලා: අම්මෝ!!! මම දන්නෙවත් නෑ මේ ගැන. මට මාර බයයි. මං මොකක්ද කරන්නෙ දැන්?


ශකිලා බයේ වෙව්ලුවා. මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරුව හුඟක් අසරණ වුණා. එයා අඬන්න ගත්තා. මේක දැකලා රේණුකා බය වුණා. ශකිලාගේ හිත හදන්න රේණුකා උත්සාහ කරා. රේණුකා මේ ගැන පුළුවන් තරම් හොයලා බලන්න ශකිලාට පොරොන්දු වුණා.

ශකිලා ගෙදර ගියාට පස්සේ මේක ගැන මතක් වෙලා ටිකක් නොසන්සුන් වුණා. ඒ වගේම එයාට මේ ගැන ලැජ්ජාවකුත් ඇති වුණා. මේ අතරේ රේණුකා සිද්ධිය ගැන වැඩි විස්තර හොයන්න ගත්තා.

ටික දවසකට පස්සේ රේණුකාට දැනගන්න ලැබුණා ශකිලාගෙ ෆේක් ගිණුමෙන් ගොඩක් ළමයින්ට මැසේජ් යවලා කියලා. ළමයි ශකිලාව විහිලුවට අරගෙන, එයාගෙ මේ අමුතු හැසිරීම ගැන හැමතැනම කතා වෙනවා කියලත් ආරංචි වුණා.

රේණුකා මේ අලුත් ආරංචියත් ශකිලාට කිව්වා. රේණුකා හිතුවා ශකිලා ඒක දැනගන්න ඕන කියලා. ශකිලා පුදුම කළකිරීමට පත් වෙලා හිටියෙ. මේ ප්‍රශ්නයෙන් කොහොමද ගොඩ එන්නෙ කියලා එයාට හිතාගන්න බැරි වුණා. ශකිලා ටික දවසක් ගෙදරට වෙලා හිටියා. එයාට ඉස්කෝලේ යන්න හිතුනෙ නෑ. හැමතිස්සෙම මේ ගැන කල්පනා කර කර හිටියෙ. එයාට ජීවිතේ පවා නැති කරගන්න හිතුනා.

රේණුකා කතා කරනකොට ශකිලා හරිම දුකෙන් හිටියෙ. රේණුකාට දැනගන්න ලැබුන ව්‍යාජ ෆේස්බුක් ගිණුම් අයින් කරන හිතවතී සේවාව ගැන ශකිලාට කිව්වා. රේණුකා මේ ගැටලුව ගැන හිතවතීට කියන්න කියලා ශකිලාට විස්තර වගයක් දුන්නා. ඇස් දෙකේ කඳුළු පුරවගෙන ශකිලා හිතවතීට කෝල් කරලා මුළු කතාවම කිව්වා. හිතවතී ශකිලා කියන දේට හොඳින් ඇහුම්කන් දුන්නා. ශකිලාගේ හිටපු තත්ත්වයත් එක්ක, හිතවතී මුලින්ම කිව්වෙ කලබල නොවී මනස සන්සුන් කරගන්න කියලා. හිතවතී තව දුරටත් ශකිලාට කිව්වා රිපෝට් කරලා ෆේක් ගිණුම අයින් කරන්න ඇයට උදව් කරන්නම් කියලා. ශකිලා මානසිකව තවත් ශක්තිමත් වෙන්න ඕන කියලා හිතවතීට තේරුණ නිසා එයාව මානසික සෞඛ්‍ය උපකාරක සේවාව (1926) වෙතත් යොමු කළා.

හිතවතී ශකිලාගෙ ෆේක් ගිණුම ගැන ෆේස්බුක් ආයතනයට වාර්තා කරා. ඔවුන් එය ඉවත් කිරීමට පියවර අරගෙන තිබුණා. හිතවතී මේ ගැන ශකිලාට කිව්වාම එයාට ලොකු සැනසීමක් දැනුනා වගේම හිතවතීට ගොඩක් ස්තූති කළා.


පූර්වාරක්‍ෂක ඉඟි:

  • https://www.hithawathi.lk/si/help-center-si/social-media/facebook/how-do-you-report-an-account-or-page-thats-pretending-to-be-you-or-someone-else-si-ps/ හි දක්වා ඇති පරිදි ව්‍යාජ ගිණුම් වහාම වාර්තා (රිපෝට්) කරන්න නැත්නම් හිතවතී සහය ලබාගන්න.

  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) අමතන්න.

  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk / report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

Post a Comment

0 Comments