හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

සෙල්ලම ලෙල්ලම වූ හැටි

 


සුරේෂ් අවුරුදු විසි ගණන් වල තරුණයෙක්. එයා රැකියාවක් හොයමින් හිටියේ. ගොඩක් වෙලාවට එයා කළේ ගෙදර ඉඳන් පරිගණක ක්‍රීඩා සෙල්ලම් කරපු එක. ඊට අමතරව එයා ගෙදර පිටිපස්ස වත්තේ යාළුවෝ එක්ක හවසට ක්‍රිකට් ගැහුවා.

සමහර වෙලාවට ගෙදර මුකුත් කරන්න නැති නිසා සුරේෂ් හරිම කම්මැලිකමින් හිටියේ. සුරේෂ් මේ කම්මැලිකම නැති කරගන්න විදියක් හෙව්වා. එයාගෙ සමහර යාළුවෝ උදේ ඉඳන් රෑ වෙනකල් කෙල්ලො එක්ක චැට් කර කර හරිම විනෝදයෙන් ඉන්න හැටි එයාට මතක් වුණා. සුරේෂ්ටත් මේ වැඩේට ආස හිතුනා. ඒත් එයාට ඔරිජිනල් ෆේස්බුක් ගිණුමෙන් චැට් කරන්න බය හිතුනා. ඒ නිසා එයා වෙන නමකුයි, ලස්සන නළුවෙක්ගෙ පින්තූරයි දාලා ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හදාගත්තා. ඊට පස්සේ එයා කෙල්ලො කීප දෙනෙක්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යැව්වා. හවස් වෙනකොට ඒ අය කිහිප දෙනෙක්ම සුරේෂ්ව ඇක්සෙප්ට් කරලා තිබ්බෙ ඔහුවත් පුදුමයට පත් කරමින්.

දවස් කීපයකට පස්සේ සුරේෂ් මේ ගෑණු ළමයි එක්ක චැට් කරන්න පටන් ගත්තා. එයා යාළුවෝ එක්ක ක්‍රිකට් ගහන එකත් නැවැත්වුවා. එයාට චැට් කරන එකට ඔක්කොටම වඩා ආස හිතුනා. එක එක ගෑණු ළමයි එක්ක මෙයා රැයක් දවාලක් නැතුව චැට් කරන්න ගත්තා.

ටික කාලයක් යනකොට සුරේෂ් මේ ගෑණු ළමයි එක්ක එයාගෙ ඇත්ත පින්තූර හුවමාරු කර ගත්තා. සුරේෂ් එයාලගෙ පින්තූරත් ඉල්ලුවා. ඒ ගෑණු ළමයිනුත් සුරේෂ්ට පින්තූර එහෙම එව්වා. සමහර ගෑණු ළමයි අඩ නිරුවත් ඡායාරූපත් එව්වා. මේ විදිහට චැට් කරන්න ඇබ්බැහි වීමත් එක්ක සුරේෂ්ගෙ සම්පූර්ණ ජීවන රටාවම වෙනස් වුණා.

දවසක් උදේ සුපුරුදු පරිදි සුරේෂ් ගෑණු ළමයි ටිකට මැසේජ් කරන්න බලනකොට එයාට එයාගෙ ගිණුමට ලොග් වෙන්න බැරි වුණා. සුරේෂ් කීප සැරයක්ම උත්සාහ කරලා බැලුවා. ඒත් එයාට ලොග් වෙන්න බැරි වුණා. මේකට සුරේෂ්ට හරිම අවුල්. එදා හවස සුරේෂ්ගෙ මේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම ගැන දන්න යාළුවෙක් එයාට මැසේජ් එකක් එව්වා.

සුරේෂ්ගෙ යාළුවා: හේයි බ්‍රෝ, ඔයා මොකද කරන්නෙ, ඔයා මේ දැන් මොකක්ද පෝස්ට් කළේ?

සුරේෂ්: මොකක්ද?? මම මුකුත් කළේ නෑ

යාළුවා සුරේෂ්ට ස්ක්‍රීන්ෂොට් එකක් එව්වා. මේක දැක්ක ගමන් සුරේෂ් හොඳටම කලබල වුණා. එයාගෙ අකවුන්ට් එක හැක් වෙලා කියලා වැඩි වෙලාවක් යන්න කලින් සුරේෂ්ට තේරුණා. කරන්න ඕන මොනවද කියලා සුරේෂ්ට හිතාගන්න බැරි වුණා.

 සුරේෂ්: බ්‍රෝ, මගේ අකවුන්ට් එක හැක් වෙලා, දැන් මම මොකක්ද කරන්න ඕනෙ? මට මාර බයයි, චැට් වල සෑහෙන පින්තූර තියනවා.

සුරේෂ්ගෙ යාළුවා: බ්‍රෝ, පොඩ්ඩක් ඉන්න, මම ඔයාට ලින්ක් එකක් එවන්නම්, මේක මම දැක්කෙ ෆේස්බුක් එකේ. මෙයාලා ඔයාට උදව් කරයි. https://www.facebook.com/hithawathi/

සුරේෂ්: තැන්ක්ස් මචං, මම මෙයාලට මැසේජ් කරලා බලන්නම්.

සුරේෂ් හිතවතීට වට්ස්ඇප් හරහා මැසේජ් කරා. ඊට පස්සේ සිදු වූ සියල්ල විස්තර කරලා කිව්වා. සුරේෂ් තමන් කළේ වැරැද්දක් කියලා පිළිගත්තා. ගොඩක් ගෑණු ළමයි එයාව විශ්වාස කරලා එව්ව පින්තූර හැකර් වැරදි විදියට පාවිච්චි කරන එක ගැන සුරේෂ් හොඳටම බය වෙලා ඉන්නෙ කියලත් කිව්වා. හිතවතී සුරේෂ්ට කිව්වා ෆේස්බුක් එකෙන් ලබා දීලා තියන පහසුකම් ඔස්සේ ව්‍යාජ ගිණුම වාර්තා (රිපෝට්) කරන්න කියලා. සතියකට විතර පස්සේ අදාළ ගිණුම ඉවත් වෙලා නැත්නම් උසස් වාර්තාකරණය සඳහා හිතවතීට කතා කරන්න කියලත් කිව්වා. සුරේෂ් හිතවතීට ස්තූති කරලා අදාළ පියවර ටික අනුගමනය කරන්න පොරොන්දු වුණා.

සුරේෂ්ට පින්තූර එවලා ඒවා අයුතු විදියට හැකර් විසින් පාව්ච්චි කරලා අමාරුවෙ වැටුන ගෑණු ළමයෙක්ටත් හිතවතීට කතා කරන්න කියලා සුරේෂ් කිව්වා. ඒ ගෑණු ළමයත් හිතවතීට කතා කරා. වැරදි විදියට පාවිච්චි වුන එයාගෙ පින්තූරත් හිතවතී විසින් ලබා දුන් රිපෝට් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම නිසා ෆේස්බුක් එකෙන් ඉවත් වුණා. ඒ ගෑණු ළමයත් හිතවතීට ගොඩක් ස්තූති කරා පින්තූර ඉවත් කරලා දුන්න නිසා, මොකද එයා හොඳටම බය වෙලා හිටියේ අම්මා හරි නෑදෑ කෙනෙක් හරි ඒ පින්තූර දකියි කියලා.


පූර්වාරක්ෂක ඉඟි:

  • විනෝදයටවත් ව්‍යාජ ගිණුම් සාදන්න එපා.

  • ඔබගේ ෆේස්බුක් ගිණුමට අමතර ආරක්‍ෂිත ස්ථරයක් එක් කිරීමට සෑම විටම ද්වි සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / 2FA) සක්‍රීය කර ගන්න.

  • ඔබට අන්තර්ජාලය හරහා මුණගැසෙන නාඳුනන පුද්ගලයින් සමඟ පින්තූර හුවමාරු කර ගැනීමෙන් වළකින්න.

  • සමාජ මාධ්‍යවල ව්‍යාජ ගිණුම් ඉතා බහුල බැවින් අහඹු / නොදන්නා මිතුරු ඉල්ලීම් පිළි නොගන්න.

  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් හෝ ව්‍යාජ ගිණුම් සකසා ඇත්නම් වාර්තා (රිපෝට්) කර ඉවත් කිරීම සඳහා හිතවතී අමතන්න.

Post a Comment

0 Comments