හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබට ඔන්ලයින් හිරිහැරයක්ද?


සයිබර් හිරිහැර කිරීම (cyberbullying) යනු කුමක්ද?

ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් හිරිහැර සිදු කිරීම සයිබර් හිරිහැර කිරීම (සයිබර් බුලීං) ලෙස හැඳින්වේ. මෙය පණිවිඩ සඳහා යොදාගන්නා යෙදුම් (ඇප්), සමාජ මාධ්‍ය, සාකච්ඡා මණ්ඩප සහ පරිගණක ක්‍රීඩා (ගේමිං) ඇප්ස් හරහා ජංගම දුරකථන, පරිගණක සහ ටැබ්ලට් වැනි ඩිජිටල් උපාංග භාවිතයෙන් සිදු විය හැක. වෙනත් කෙනෙකු පිළිබඳ සෘණාත්මක, හානිකර, නුසුදුසු, අසත්‍ය හෝ ද්වේශ සහගත අන්තර්ගතයන් යැවීම, පළ කිරීම හෝ ශෙයා කිරීම සයිබර් හිරිහැර කිරීම් ගණයට වැටේ. මෙය සමාජයේ සෑම තරාතිරමකම පවුල්වල දරුවන්ට නොයෙක් ආකාරයෙන් බලපෑම් ඇති කළ හැක.


සයිබර් හිරිහැර කිරීම් සඳහා උදාහරණ:

★  වෙනත් කෙනෙකුගේ ඡායාරූප / වීඩියෝ හෝ පුද්ගලික තොරතුරු ඔවුන් අපහසුතාවයට පත් වෙන විදියට බෙදා හැරීම (share).

★  තර්ජනාත්මක ඊ මේල් , අසුභවාදී පණිවිඩ (මැසේජ්), අසභ්‍ය දර්ශන හෝ වෙනත් අහිතකර අන්තර්ගතයන් වින්දිතයාට කෙලින්ම යැවීම.

★  වින්දිතයා ගැන වැරදි හැඟීමක් ඇති කරවීම සඳහා අන්තර්ජාලයේ ඇය / ඔහු ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටීම.

★  වින්දිතයා කෙරෙහි අන් අයගේ කෝපය ඇවිස්සීම සඳහා සමාජ මාධ්‍යවල කටකතා පතුරුවා හැරීම හෝ සජීවී කතාබස් (ලයිව් චැට්) අතරතුර හිරිහැර කිරීම.


සයිබර් හිරිහැරවල බලපෑම් මොනවාද?

සයිබර් හිරිහැර කිරීම් නිසා ඇති වන බලපෑම් දිගු කාලීන විය හැකි අතර නොයෙකුත් ආකාරවලින් කෙනෙකුට බලපෑම් ඇති කළ හැක.


★ මානසිකව – කලකිරීමක්, ලැජ්ජාවක්, බියක්, නොසන්සුන්තාවයක්, අනාරක්ෂිත බවක්, වරදකාරී බවක්, මෝඩකමක් හෝ කෝපයක් වැනි හැඟීමක් දැනීම.

★ චිත්තවේගීයව – ලැජ්ජාව හෝ අපහසුතාවය ගැන නිතරම සිතීම හෝ ඔබ කැමති / ආදරය කරන දේවල් කෙරෙහි ඇති උනන්දුව නැති වීම.

★ භෞතිකව – නින්ද අහිමි වීම සිදු විය හැකි නිසා වෙහෙසට පත් වීම, හිසරදය, බඩේ කැක්කුම හෝ වෙනත් අපහසුතාවයන් හට ගැනීම.


ඇතැම් දරුණු අවස්ථාවන්හිදී, මෙය දරුවන් සියදිවි නසා ගැනීමට පවා පොළඹවන හේතුවක් විය හැක.


ඔබට ඔන්ලයින් හිරිහැර සිදු වේ නම්, ඔබ කතා කළ යුත්තේ කා සමඟද?

★ දෙමාපියන්

★ තමන්ට සමීප පවුලේ සාමාජිකයෙකු හෝ විශ්වාසවන්ත වැඩිහිටියෙකු

★ පාසැලේදී – තමුන් කැමතිම ගුරුවරයා / ගුරුවරිය හෝ උපදේශකයා /උපදේශිකාව (counsellor)

★ විශ්වාසදායී උපකාරක සේවාවක් හරහා වෘත්තීය උපදේශකයෙක් / උපදේශිකාවක්


එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට අනුව සයිබර් හිරිහැර කිරීම් නැවත නැවත සිදු වීම වැළැක්වීම සඳහා ඒවා හඳුනාගෙන වාර්තා (රිපෝට්) කිරීම අත්‍යාවශ්‍ය වේ. තම පරිශීලකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බොහෝ සමාජ මාධ්‍ය වේදිකා අදාළ ඇප් හරහාම එවැනි පළ කිරීම් රිපෝට් කිරීමට ඔබව දිරිමත් කරයි. අනතුරුදායක අවස්ථාවකදී නම් ඔබ අයත් ප්‍රාදේශීය පොලිසිය හෝ වෙනත් හදිසි සේවාවන් සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසු ලෙස තවදුරටත් ඔවුන් පවසයි.


නව යොවුන් වියේ පසුවන්නන් (teens) සඳහා අදාළ සයිබර් තොරතුරු වැඩි දුර බලන්න.


මූලාශ්‍ර:

https://www.unicef.org/end-violence/how-to-stop-cyberbullying

https://www.stopbullying.gov/cyberbullying/what-is-it

https://www.kaspersky.com/resource-center/preemptive-safety/cyberbullying-effects

Post a Comment

0 Comments