හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පරිගණක ගේම් තුළ සැඟවුණු සූදූව

 


නිර්මලා දවසක් හිතවතී ට කථා කලේ අඬාගෙන එයාගෙ පුතාව බේරලා දෙන්න කියලා. හිතවතී නිර්මලා ට එයාගෙ දුක තුනී වෙන්න ටිකක් අඬන්න ඉඩ ඇරියා. ඊට පස්සෙ එයාගෙන් වැඩි දුර විස්තර ඇහුවා.


නිර්මලා: අනේ මට උදව් කරන්න මිස්

හිතවතී: ඔව් නිර්මලා ඔයාගෙ ප්‍රශ්නය කියන්න අපිට


නිර්මලා පදිංචි වෙලා හිටියේ මාවතගම. එයාට ළඟඳී ඒ ලෙවල් කරපු පුතෙක් හිටියා මනෝජ් කියලා. මේ කාලයේ දී නිර්මලා පුතාව කම්පියුටර් ක්ලාස් එකකට දැම්මා. මාස දෙකක් විතර ක්ලාස් ගියත්, කොවිඩ් නිසා ඉගෙනුම් වැඩ සූම් තාක්ෂණය හරහා ඔන්ලයින් කරන්න පටන් ගත්තා. නිර්මලා පුතාට අලුත් ෆෝන් එකකුත් අරන් දුන්නා පාඩම් වැඩවලට.


කාලය ගෙවී ගෙන යන කොට මනෝජ් ටිකෙන් ටික ගේම් ගහන්න ඇබ්බැහි වුනා. එයා නිතරම ගේම් ගහන්න ගත්තා. ෆ්‍රී ෆයර් කියලා ගේම් එකකට තමයි එයා ගොඩක්ම ආස වුනේ. එයා මේ ගේම් එකට ෆේස්බුක් ගිණුම හරහා ලියාපදිංචි වුනා. ඉතා ඉක්මනින් එයා මේ ගේම් එකේ උඩටම ගියා. ගේම් එකේ නීතී වල හැටියට මනෝජ්ගේ ෆේස්බුක් ගිණුම ඉතා ශක්තිමත් වුනා. හැබැයි එයා දැන ගෙන හිටියෙ නැති ගොඩාක් වැදගත් දෙයක් තමයි මේ ගේම් එක යටින් තිබ්බ සූදූව. මේ ගේම් එක දිගටම ගහහෙන ඉස්සරහට යන කොට සල්ලි ගෙවන්න ඕන වෙනවා. මනෝජ් අම්මගෙන් අහලා අම්මාගේ ඩෙබිට් කාඩ් එකෙන් සල්ලි ගෙව්වා. මේ සිද්ධිය වෙනකොට එයා රු. 20,000 ටත් වැඩියෙන් ගෙවලා ඉවරයි.


දවසක් මනෝජ්ට මැසේජ් එකක් එනවා එයා දන්නෙ නැති කෙනෙක්ගෙන්. ඒ පුද්ගලයා කියන්නේ මනෝජ්ගේ ෆේස්බුක් ගිණුම එයා රු.20,000 කට ගන්න කැමතියි කියලා. මනෝජ් එයාගේ විස්තර මේ පුද්ගලයාට ලබා දෙනවා. මේ පුද්ගලයා කියනවා ඔහු බැංකුවට යන ගමන් ඉන්නෙ සල්ලි දාන්න, සල්ලි ඉක්මනින් වැටෙයි කියලා. මේ වෙලාවෙ මනොජ්ගේගෙ ෆේස්බුක් ගිණුමේ ඔක්කොම ලොගින් විස්තර ටිකත් මේ පුද්ගලයා ගන්නවා. ඔක්කොම විස්තර ගත්ත ගමන් මේ පුද්ගලයා කථාව නැවැත්තුවා. තත්පර ගාණකින් මනෝජ්ගේ ගිණුමේ පාස්වර්ඩ් එක වෙනස් කරනවා ඒ නිසා මනෝජ්ට ඔහුගේ ගිණුමට යන්න බැරි වෙනවා. මනෝජ්ගේ බැංකු ගිණුමට සතයක්වත් වැටිලා තිබුනෙ නෑ. වෙන විදියකින් කියනවා නම් මනෝජ්ගේ නොසැලකිල්ල නිසා ගිණුම හැක් වුනා.


නිර්මලා පුතා එක්ක හිටියෙ හරිම තරහින්. ඒ නිසා එයා පුතාට ෆෝන් එක දුන්නා හිතවතී ට කථා කරන්න. මනෝජ් පිළිගත්තා එයා ගේම් වලට ඇබ්බැහි වුන විදිය නිසා එයාගේ පෞද්ගලික තොරතුරු, පින්තූර හා වීඩියො ඒත් එක්කම කන්ටැක්ස් තිබ්බ ෆේස්බුක් ගිණුම නැතිවුන බව. මනොජ් හිතුවෙ නෑ කවදාවත් මෙහෙම දෙයක් වෙයි කියලා. සිද්ධියෙන් එයා හොඳටම කම්පනයට පත් වෙලා හිටියෙ.


හිතවතී එකෙන් මනෝජ්ට පැහැදිලි කරලා දෙනවා එයාගෙ ගිණුම පරිගණක තාක්ෂණය යොදාගෙන හැකර් හොරකම් කරපු විදිය ගැන. තත්ත්වය තේරුම් ගත්ත මනෝජ් තමන් හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියලා කිව්වා. තවදුරටත් මේ වගේ දේවල් වලට අහු වෙන්නෙ නැතුව පරිස්සම් වෙනවා කියලා එයා කිව්වා. අදාල සිද්ධිය රිපෝට් කරලා එයාගෙ ගිණුම ෆේස්බුක් ආයතනයෙන් නිර්දේශ කරලා තියන ලින්ක් සහ උපදෙස් අනුව එයාගෙ අතට ගන්න උත්සාහ කරන ලෙස හිතවතී මනෝජ්ට කිව්වා. ඒ වගේම අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් හිතවතී ඔහුට උපදෙස් දුන්නා.



පූර්වාරක්ෂක ඉඟි:

  • කවුරු හරි ඔබේ ගිණුම හැක් කර (hacked) හෝ ඔබේ අවසරයෙන් තොරව භාවිත කරනවාද? – හිතවතී (hithawathi.lk) සබැඳිය ඔස්සේ හැක් වූ ෆේස්බුක් ගිණුම් වාර්තා කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • සයිබර් ගැටළු විසඳාගැනීමට https://www.hithawathi.lk/si/useful-contact-information-si/ හි දක්වා ඇති අදාළ ආයතන හා සම්බන්ධ වන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
  • මෙවැනි සිද්ධීන් නිසා ඔබ මානසිකව ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇත්නම් 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) හෝ සුමිත්‍රයෝ අමතන්න.

Post a Comment

0 Comments