හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබේ ෆේස්බුක් ගිණුම අක්‍රිය (Disable) කරලද?

ෆේස්බුක් ගිණුමක් හදපු ඕනෑම කෙනෙක් එහි ආරක්ෂාව යම්තාක් දුරට සහතික කරන ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන් (Facebook Community Standards) ගැන දැන සිටිය යුතුයි. ඒ අනුව ඔබ ෆේස්බුක් ගිණුම භාවිත කිරීම ආරම්භ කරන්නේ එහි කොන්දේසි (Facebook Terms) වලට එකඟ වීමෙන් පසුවයි.

එම ෆේස්බුක් නියමයන් අනුගමනය කිරීමෙන් තොරව ඔබේ ගිණුම පවත්වාගෙන යාමට උත්සහ කරන විට කුමක් වෙයිද? ෆේස්බුක් ආයතනයට සරලවම එවැනි ගිණුම් අක්‍රිය (ඩිසේබල්) කළ හැක.


(ඔබේ ගිණුම අක්‍රිය / අබල කර ඇත)


ඉහත ආකාරයේ පණිවිඩයක් ඔබට ලැබිය හැකි අවස්ථා කිහිපයක් මෙන්න;

  • වෙනත් කෙනෙකු ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටීම (Impersonation)
  • ව්‍යාජ (ෆේක්) නමක් භාවිතා කිරීම
  • හිරිහැර කිරීම් ප්‍රවර්ධනය කිරීම (හිංසා කිරීමට උල්පන්දම් දීම)
  • ෆේස්බුක් නියමයන්ට / කොන්දේසිවලට පටහැණි දේ / අන්තර්ගතයන් පළ කිරීම
  • ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන් අඛණ්ඩව උල්ලංඝනය කරන හැසිරීම් / ක්‍රියාවන්

කෙසේ වෙතත්, ඔබේ ගිණුම ෆේස්බුක් ආයතනයට වැරදීමකින් අක්‍රිය (ඩිසේබල්) වී ඇතැයි ඔබ සිතන්නේ නම්, ගිණුම අක්‍රිය / අබල කර ඇති දින සිට දින 30ක් ඇතුළත ඔබට මෙම පෝරමය හරහා නැවත සලකා බලන ලෙස (Review) ඉල්ලීමක් කළ හැක.


ෆේස්බුක් ප්‍රමීතීන් උල්ලංඝනය කිරීම් වල බරපතලකම අනුව, ඔවුන් විසින් ගිණුම අක්‍රිය කිරීමට පෙර අනතුරු ඇඟවීමක් හෝ ගිණුම නැවත ලබා දීමට උදව්වක් නොකිරීමටද ඉඩ ඇත.


මූලාශ්‍රය: https://www.facebook.com/help/103873106370583/ 

Post a Comment

0 Comments