හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ක්‍රිප්ටො කරන්ට් වැදීම්

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.


ඉෂාන් සමාජයේ සිදුවන අසාධාරණ දේවල් දැකීමට අකැමති වූ උපාධි අපේක්ෂකයෙක්. විශේෂයෙන්ම අහිංසක, නූගත් මිනිසුන්ව රැවටීමේ හෝ සූරාකෑමේ සිද්ධීන් ඔහුට ඉවසන්න බැරි වුණා.

දිනක් ඔහුට එක්සත් ජනපදයේ තරුණියකගෙන් ෆේස්බුක් මැසෙන්ජර් හරහා චැට් එකක් ලැබුණා. ඇගේ අමුතු සිංහල (අන්තර්ජාලයෙන් පරිවර්තනය කරන ලද වගේ) කතාබහ විහිළු සහගත බව වැඩි කළා. කෙසේ වෙතත්, නාඳුනන කෙල්ලෙක් තමන් සමඟ මෙතරම් උන්නදුවෙන් චැට් කරන්නේ ඇයි දැයි ඔහු කල්පනා කළා. ඇගේ අරමුණ පැහැදිලිව තේරුම් ගැනීමට ඔහු මෝඩයෙක් වගේ කීකරුව සිටියා.

බිට්කොයින්වල ආයෝජන හරහා මිනිසුන්ට ලාභ ඉපයීමට උදවු කරන ඒජන්තවරියක ලෙස ඇය තමන්ව හඳුන්වා දුන් අතර ඇය ලබා දෙන උපදෙස් අනුව ඉෂාන්ටත් මුදල් ඉපයීම ආරම්භ කරන ලෙස යෝජනා කළා.


ඇය ඉෂාන්ට bitcoin.com සබැඳිය (ලින්ක්) යවා ඇයට ඔහුගේ තිරය (ස්ක්‍රීන්) පෙන්වන්න කියා කිව්වා. ඉන්පසු ඔහුට Buy BTC (බිට්කොයින් මිලදීගන්න) මත ක්ලික් කර ඇ.ඩො. 1000 ක් තෝරන ලෙස උපදෙස් දුන්නා. තවද ඇය විසින් ඔහුට පිටපත් (කොපි) කර අදාළ පේළියේ අලවා ගැනීම (පේස්ට්) සඳහා ඩිජිටල් මුදල් පසුම්බි ලිපිනයක් (වොලට් ඇඩ්‍රස්) එව්වා. කෙසේ වෙතත්, එය ඉෂාන්ගේ තිරය මත බිට්කොයින් මිලදී ගැනීමේ දෝෂයක් පෙන්නුම් කළා. එම අවස්ථාවේදී ඇය ඉෂාන්ට වීසා (බැංකු) කාඩ්පතක් තිබේද කියා ඇසුවා. අන්තිමට, ඇගේ මුදල් පසුම්බියේ ලිපිනය (වොලට් ඇඩ්‍රස්) සඳහා ඔහුගේ බැංකු කාඩ්පත අවශ්‍ය වන්නේ මන්දැයි ඉෂාන් ප්‍රශ්න කළ අතර හට ගත් කෝපයෙන් ඔහු චැට් කිරීම නතර කළා.


ඒ අනුව, අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් මුදල් සොයන අය සතුව තිබෙන මුදල් පවා ඉතා රැවටිලිකාර කතන්දර කියා වංචනිකයින්ගේ බිට්කොයින් පසුම්බිවලට දමා ගැනීමට වංචාකරුවන් දරන මේ උත්සහය නැතහොත් ක්‍රිප්ටො මුදල් වංචාව (ක්‍රප්ටොකරන්සි ස්කෑම්) ගැන හිතවතී ට දැනුම් දීමට ඉෂාන් තීරණය කළා. අදාළ චැට් හොඳින් නිරීක්ෂණය කළ හිතවතී සිද්ධිය ෆේස්බුක් වෙත වාර්තා (රිපෝට්) කළා. දින කිහිපයකට පසු, ගිණුම ඉවත් කර ඇති බව ඔහුට පෙනී ගියා. තවද, අපේ රටට තරමක් අලුත් වූ මෙම වංචාව (ස්කෑම්) හඳුනාගෙන බෙදා ගැනීම (ශෙයා කිරීම) ගැන හිතවතී ඔහුට ප්‍රශංසා කළ අතර ඉෂාන්ගේ ඉල්ලීම පරිදි අද කාලයේ සත්‍ය සිදුවීම් හරහා සමාජය දැනුවත් කරන බවට පොරොන්දු වුණා.


පූර්ව ආරක්ෂක උපදෙස්:

  • යමක් අදහා ගන්න (ඇත්ත වෙන්න) බැරි තරම් හොඳයි කියා පෙනේ නම් දෙවරක් සිතන්න. එය බොහෝ විට වංචාවක් (ස්කෑම්) විය හැක. කරුණු කාරණා පැහැදිලිව තේරුම් ගැනීමට අවශ්‍ය තරම් කාලයක් ගන්න නැත්නම් විශ්වාසවන්ත පාර්ශවයකින් / විෂය හොඳින් දන්නා අයෙකුගෙන් උදව් ලබා ගන්න, එසේ නොවුවහොත් එය නවතින්නේ ඔබ සතු මුදල් අහිමි කරමින්.
  • එය වංචාවක් බව ඔබට විශ්වාස කිරීමට නොහැකි නම්, ෆේස්බුක් ගිණුම් හරහා ව්‍යාපාරවල නියැලීමේ සීමාවන් ඇති බව අමතක කරන්න එපා, (ෆේස්බුක් ප්‍රජා මාර්ගෝපදේශයන්ට අනුව ඒවා නිල වශයෙන් ප්‍රවර්ධනය කළ හැක්කේ පිටු / පේජ් වලය) එම රීතිය ඉහත සිද්ධියේදී පැහැදිලිවම උල්ලංඝනය කරනවා.
  • ඔබට මේ ආකාරයේ වංචාවන්ට මුහුණ දීමට සිදු වුව‍හොත් ඒවා යෙදුම (ඇප් එක) හරහාම (ස්පෑම් / ස්කෑම් ලෙස හේතුව තෝරා) රිපෝට් කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • යම් කෙනෙක් පුද්ගලයෙක් හෝ වෙබ් අඩවියක් ඔබේ බැංකු කාඩ් පත් විස්තර ඉල්ලයි නම් තොරතුරු ලබාදීමට පෙර දෙවරක් සිතන්න.
  • මෙවැනි වර්ගයේ ඔන්ලයින් වංචා (ස්කෑම්) හෝ සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (ලින්ක්, ස්ක්‍රීන්ෂොට් ආදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

Post a Comment

0 Comments