හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

නොදන්වා කරළියට පැමිණි පැරණි ෆොටෝ!

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.


අමාෂා ඇගේ විවාහය සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කළාය. විවාහයෙන් පසු වෙනත් රටක පදිංචි වීමට ඇය බලාපොරොත්තු විය. විවාහ කටයුතු වෙනුවෙන් ඉතා යුහුසුළුව කටයුතු කරමින් සිටින අතරතුර ඇයට යෙහෙලියකගෙන් දුරකථන ඇමතුමක් ලැබුනි.

“හෙලෝ අමාෂා ඔයාගේ පෝස්ට් වගයක් FB ෆැෂන් පේජ් එකක දාලා තියෙනවා”.

මෙය ඇසීමෙන් ඉතා බියට පත්වන ඇය , යෙහෙළියගෙන් ඉහත පෝස්ට් වලට ලින්ක් එක ඉල්ලා ගනී.

ඇය ඉතා පුදුමයට පත් කරමින් ඈ දකින්නේ අවුරුදු ගණනාවකට දී ඉහත කරන ලද ෆොටෝ ශූට් එකක පින්තූර ෆැෂන් පේජ් එකක තිබීමය. බලවත් කනසල්ලට පත්වන ඇය මෙම පින්තූර සෑහෙන කාලයකට දී ඉහත දී මෙම පේජ් එකෙන් ඉවත් කල බව මතකයට නගා ගනී.

කෙසේ වුවද මෙම පින්තූර යළිත් ඉහත පේජ් එකට දමා තිබූ අතර ඒ හා සම්බන්ධ කර අහිතකර කමෙන්ට්ස්ද ගණනාවක් තිබූ අතර මෙ දැකීමෙන් ඇය බලවත් කම්පනයට පත් විය. ඇයගේ පෙම්වතා මේ කිසිවක් නොදන්නා බැවින් මෙම පින්තූර දුටුවොත් ඔහු නිසැකයෙන්ම මෙම විවාහය නොකරන බව ඇය දැන සිටියාය. බලවත් කම්පනයෙන් ඇය හිතවතී වෙත අඬමින් කථා කල අතර හිතවතී ඇයට එම පින්තූර ඉවත් කර ගැනීමට උපකාරි විය.


පූර්වාරක්ෂක ඉඟි:

  • කිසියම් පෝස්ට් එකක් දැමීමට පෙර දහස් වාරයක් හිතන්න. එය ආපසු හැරවීමට නොහැක.
  • අනුදැන්මෙන් තොරව තුන්වන පාර්ශවයක් ඔබගේ පින්තූර තබා නොගන්නා බවට තහවුරු කරගන්න.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න.
  • එවැනි පින්තූර / වීඩියෝ බෙදා ගැනීමෙන් (ශෙයා / ෆෝවර්ඩ් කිරීමෙන්) වළකින්න.
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.

Post a Comment

0 Comments