හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කොවිඩ් -19 වසංගතය අතරතුර ඔන්ලයින් පංතිවල පුදුම සහගත සිදුවීමක්

(මෙහි සඳහන් නම් සහ ස්ථාන උපකල්පිත ය.)


මාධවී මහත්මිය රජයේ පාසැල් ගුරුවරියකි. වත්මන් COVID-19 වසංගතය නිසා අධ්‍යාපන ක්‍රමය ඔන්ලයින් තාක්ෂණය හරහා සිද්ධ විය. පාසැල් දේශන බොහොමයක්, ස්කයිප්, කණ්ඩායම්, වට්ස්ඇප් වැනි විවිධ ඔන්ලයින් තාක්ෂණය හරහා ඉදිරිපත් කරන ලදී. මෙය සිසුන්ට සහ ගුරුවරුන්ට නව අත්දැකීමක් විය. සිසුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන්ටද මෙම නව තාක්ෂණයන් පිළිබඳ හොඳින් දැන ගැනීමට සිදු විය.



ඒ අනුව නව ඉගැන්වීමේ ක්‍රියාපටිපාටිය, ගුරුවරයා පන්තියට සහභාගි වන සිසුනට ඔවුන්ගේ පිවිසුම / ඉල්ලීම පිළිගැනීමෙන් පසුව පමණක් ඇතුළුවීමට ඉඩ දෙයි. මෙම විශේෂිත දිනයේදී මාධවි මහත්මිය තමාට එතරම් හුරු නැති ඉල්ලීමක් පිළිගත්තාය. ඇය තම සිසුවෙකු යැයි උපකල්පනය කරමින් සැසිවාරයට එක්කර ගත්තාය. පාඩමක් පැවැත්වීමේ පොදු පුරුද්ද වන්නේ ශබ්දය සහ වීඩියෝ යන දෙකම ය. එබැවින් ගුරුවරයාට ඇගේ ශිෂ්‍යයන් දැක ගත හැකිය. නමුත් එදින, අලුතින් සම්බන්ධ වූ ශිෂ්‍යාව දෘශ්‍යමාන වී හෝ ඔහු / ඇය හඳුන්වා දීමට ඇය කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වීය. මාධවීට මහත්මියට සිසුවාව හඳුනා ගැනීමට හෝ දැකීමට හැකියාවක් නොතිබුණි. ටික කලකට පසු “නව ශිෂ්‍යයා” එහි සිටියේ ද නැත.


මේ අතර අනෙක් කෙළවරේ කුමක් සිදුවීද?

මාධවිගේ පාඩම අතරතුර “නොදන්නා ශිෂ්‍යයාට” ස්නැප්ෂොට් සහ වීඩියෝ දර්ශන කිහිපයක් ක්ලික් කිරීමට හැකි විය. “නාඳුනන සිසුවිය” විසින් මාධවීට මහත්මිය හිරිහැර කිරීමට සහ ඇයට එරෙහිව “වෛරී කථාවක්” කිරීමට යොදා ගත හැකි ඡායාරූප සහ වීඩියෝ දර්ශන කිහිපයක් සංස්කරණය කර සාදා ඇත. මෙම පුද්ගලයා විවිධ ආකාරයේ පොදු සමාජ මාධ්‍ය යෙදුම් හරහා එම සටහන් සහ වීඩියෝ දර්ශන මහජනයා අතර පතුරුවා හැර තිබේ.


මාධවි වෙත නැවත අවධානය යොමු කළහොත්. – මෙම අවස්ථාවේ දී කුමක් කල යුතු දැයි ඈට වැටහීමක් නොවීය. ඇයට සමාජ මාධ්‍ය ගැන එතරම් අවබෝධයක්ද නැත. ඇය ගැන පැතිර ගිය මෙම අසත්‍ය පුවත ඇසූ ඇගේ මිතුරියන්ගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් ඇමතුම් ලැබෙන්නට වත්ම, මාධවී කම්පනයට පත් විය. එවැනි තත්වයක් තුළ කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඇයට කිසිදු හෝඩුවාවක් නොතිබුණි, එපමණක් නොව ඇය භීතියට පත්වූයේ එය ඇයට සිතාගත නොහැකි දෙයක් සිදු වී ඇති නිසාය.


ඇගේ මිතුරියක් ඇයට හිවතතී ගැන උපදෙස් දුන්නාය. ඇය වහාම තමාට ලැබුණු අංකය අමතා හිතාවතී වෙත ළඟා වූවාය. ඇය එහි සිටි කාන්තා නිලධාරිනියට කතාව පැහැදිලි කළාය .. නිලධාරිනිය ඇයට උපදෙස් දී ඉතා සන්සුන්ව කතා කළාය. එවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ මේ ආකාරයේ නඩු හැසිරවීමට ක්‍රම ඇති බව ඇය දැන ගත්තාය. මාධවි ඉතා සතුටු වූ අතර හිතාවතීගේ සේවය ගැන බෙහෙවින් ස්තූතිවන්ත විය.


පූර්වාරක්ෂාව ඉඟි :

සම්බන්ධ වී සිටින සාමාජිකයන් තහවුරු කර ගත යුතුය

ඔන්ලයින් වැඩ කිරීමේදී දැඩි සැලකිල්ලකින් කටයුතු කල යුතුය

ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.

මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න.

ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න

Post a Comment

0 Comments