හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් ගිණුම තාවකාලිකව අක්‍රිය කරන්නේ කෙසේද?


ෆේස්බුක් ගිණුම තාවකාලිකව අක්‍රිය කරන්නේ කෙසේද?

ඔබට ඔබේ ෆේස්බුක් ගිණුම තාවකාලිකව අක්‍රිය කළ හැකි අතර ඔබට අවශ්‍ය වූ විට නැවත සක්‍රීය කර ගැනීමටද හැකිය.

ඔබගේ ගිණුම අක්‍රීය කිරීමට:

1. ෆේස්බුක් පිටුවේ ඉහළ දකුණු පස ඇති Description: account settingsක්ලික් කරන්න.
2. සැකසුම් (settings)  තෝරන්න.
3. වම් තීරුවෙහි “General” මත ක්ලික් කරන්න.
4. “Manage your account” ක්ලික් කරන්න
5. “Deactivate your account” ක්ලික් කරන්න.  ගිණුම අක්‍රීය කිරීම තහවුරු කිරීමේ උපදෙස් අනුගමනය කරන්න


ඔබගේ ගිණුම අක්‍රීය කළවිට:

කිසිවකුට ඔබේ පැතිකඩ දැකීමට නොහැක.
ඔබ මිතුරන් වෙත යවන ලද පණිවුඩ වැනි සමහර තොරතුරු තවමත් දැකිය හැකිය.
ඔබගේ නම ඔබේ මිතුරන්ගේ, friends list එකේ දැකිය හැකිය. මෙය ඔවුනට ඔවුන්ගේ friends list එකේ පමණක් දැකිය හැක.
සම්බන්ධවී සිටි ෆේස්බුක් සමූහයක පරිපාලකයින්ට ඔබේ නමට අමතරව ඔබගේ පෝස්ට් සහ අදහස් දැක්වීම් දැක ගැනීමට හැකියාව තිබිය හැකිය.

ඔබ ෆේස්බුක් ගිණුම අක්‍රිය කරන විට Messenger ක්‍රියාකාරීව හෝ Messenger වෙත පුරනය(log) වී සිටියහොත් Messenger දිගටම ක්‍රියාකාරී වනු ඇත. Messenger අක්‍රීය කරන ආකාරය මේ තැනින් දැන ගන්න.
ඔබගේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කලද Messenger යෙදවුම සක්‍රීයව පවතී   Messenger අක්‍රීය කිරීම සඳහා මෙතැනින් දැන ගන්න:
ඔබේ ෆේස්බුක් ගිණුම අක්‍රිය කළද Messenger සක්‍රීයව ඇති විට :

මිතුරන් සමඟ සමඟ ඔබට කතා කල හැකිය.
ඔබගේ ෆේස්බුක් පැතිකඩ පින්තූරය Messenger හි ඔබගේ සංවාදවලදී දැකිය හැකිය.
වෙනත් අය ඔබට පණිවුඩයක් යැවීමට ඔබව සොයාගනු  ඇත.

ඔබගේ ගිණුම නැවත ක්‍රියාත්මක කිරීම:
ඔබගේ ගිණුම අක්‍රීය කළ පසු ඔබ ෆේස්බුක් වෙත පැමිණීමට කැමති නම්, ඔබට අවශ්‍ය විට පෙර භාවිතා කළ පරිශීලක නාම  භාවිතා කර ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඔබගේ ගිණුම නැවත ක්‍රියාත්මක කළ හැකිය. ඔබ ෆේස්බුක් ගිණුම නැවත සක්‍රීය කිරීම සඳහා පෙරදී පුරනය වීමට ඔබ භාවිතා කරන ඉ-තැපෑල හෝ  ජංගම දුරකථනය භාවිතා කිරීමට සිදුවනු ඇතිබව  මතක තබා ගන්න .
ඔබගේ ගිණුම ස්ථිරවම මකාදමන ආකාරය මෙතැනින් ‌න්න.

මූලාශ්‍රය: https://www.facebook.com/help/250563911970368?helpref=hc_global_nav

Post a Comment

0 Comments