හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB16.ඔබ Facebook හි භාවිතා කරන යෙදවුම් වල පෞද්ගලික සැකසුම් වෙනස් කරමු -2

FB16.ඔබ Facebook හි භාවිතා කරන යෙදවුම් වල පෞද්ගලික සැකසුම් වෙනස් කරමු -2 (Customize your app privacy -2)

හෝ 

වෙනත් අය භාවිතා කරන යෙදවුම්(Apps others use)

මෙම සැකසුමෙන් ඔබට යම් යෙදවුමක් (apps) භාවිතා කරන facebook පරිශීලකයෙකු, ඔබේ facebook මිතුරකු ද වන අවස්ථාවකදී ඔබ ගැන ලබාගන්නා තොරතුරු පාලනය කරන්න හැකියාව ලැබෙනවා. මෙහි ලබා දී ඇති වර්ග 17 ක් අතුරින් ඔබේ ගිණුමෙන් කිසියම් යෙදවුමකට (app) ලබාගතහැකි තොරතුරු මොනවාදැයි නිවැරදිව සකසන්න.

Instant personalization

Facebook මගින්, ඔබ පිළිබඳව Facebook ගිණුමේ තොරතුරු “personalize your experience”සඳහා බාහිර වෙබ් අඩවි වලට ලබා දීම සිදු කරනවා. එහි ඇති  Facebook කේතයක් මගින් ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන, ඔබ සැලකිලි මත් වනු ඇතැයි සලකන දැන්වීම් සහ දත්ත /තොරතුරු ඔබට ලැබීමට සළසනවා. මෙසේ ලයිස්තු ගත වී ඇති වෙබ් අඩවි වන්නේ Bing, Yelp, Zynga වැනි වෙබ්අඩවි.
බාහිර වෙබ් අඩවි මගින් ඔබේ ගිණුමේ තොරතුරු ලබා ගන්නවාට ඔබ අකමැතිනම් මෙහි ඇති කොටුව මත click කරන්න. එවිට ඔබට අනතුරු ඇඟවීම් දෙකක් ලැබෙනු ඇති. එම සියලුම පණිවුඩයන්ම click කිරීමට මතකතබා ගන්න.

ජංගම උපකරණ සඳහා භාවිත කරන Facebook හි පැරණි සංස්කරණයන්(Old versions of Facebook for mobile)


ජංගම උපකරණවල භාවිත කරන Facebook පැරණි සංස්කරණයක් ඔබ භාවිතා කරන්නේ නම් (උදා :Blackberry සඳහා වන පැරණි Facebook සංස්කරණයන්) ඒවායේ ඔබේ යාවත්කාලින කිරීම් දකින්නට හැකිවන්නේ කාටද යන්න සැකසීම ඔබට තෝරාගැනීමට නැහැ. ඒ වෙනුවට මෙම විකල්පය භාවිතා කල හැකියි. 

Post a Comment

0 Comments