හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB1. Facebook පුද්ගලික සැකසුම් (Privacy Settings) සඳහා මඟපෙන්වීමක්

FB1. Facebook පුද්ගලික සැකසුම් (Privacy Settings) සඳහා මඟපෙන්වීමක්


මෙය time.com වෙබ් අඩවියේ 2014 මාර්තු 17 වන දින පළකරන ලද  “The Comprehensive Guide to Facebook Privacy Settings” යන සිරස් තරලයෙන් යුතු ලිපියේ සාරාංශයකි.

එම ඉංග්‍රීසි ලිපිය බැලීමට යොමුව :  http://time.com/25448/the-comprehensive-guide-to-facebook-privacy-settings/

ඔබ ෆේස් බුක් පිළිබඳ දැනගත යුතු පළමු නීතිය වන්නේ ඔබේ අතිශය පෞද්ගලික තොරතුරු කිසිවක් ෆේස් බුක් හි පළ නොකළ යුතුයි යන්නයි!

ඒවගේම ඔබේ ෆේස් බුක් ගිණුම බැලීමට හැකි/නොහැකි කා සඳහාද යන්නත් සැකසීම ඔබට පාලනය කළ හැකියි. නමුත් ඔබ Like කරන ඕනෑම අවස්ථාවක/ ඔබ බලන ඕනෑම ෆේස් බුක් පිටුවක (facebook page) / ෆේස් බුක් යෙදවුමක (product/application) ඒ සම්බන්ධ සටහනක් තබා ගන්නා බව දැනගන්න. එයින් කියවෙන්නේ නෑ යම් දවසක ෆේස් බුක් අඩවිය ඔබේ එම සටහන් ඉතා පහත් ලෙස මුලු ලොවටම පෙන්නාවි කියා! නමුත් මෙයින් කියන්නට අදහස් කරන්නේ ෆේස් බුක් යනු ඔබේ පෞද්ගලික දිනපොතක් නොවන බව සහ ඔබ එම වෙබ් අඩවියේ කරන කියන සියලු දෑ පිළිබඳ තොරතුරු රැස්කර ලයිස්තුගත කර තබන බවයි. අන්න ඒ පණිවිඩය ඔබ ෆේස් බුක් සේවාවන් ලබා ගන්නා සෑම අවස්ථාවක මතකයේ තබා ගන්න.

ෆේස් බුක්  යනු ඔබේ පවුලේ හිතවතුන්, මිතුරන් සහ වෙනත් අය සමග ඔබේ ලොකු/කුඩා වැදගත් අවස්ථාවන් සහ ඒවායේ සැමරුම් බෙදා හදා ගන්න, ඒ පිළිබඳ කතා බහ කරන්න කදිම තෝතැන්නක්. මෙහිදී වැදගත් කරුණ වන්නේ ඔබ එසේ අන් අයට ලබා දෙන තොරතුරු ඒ ඒ අදාල ෆේස් බුක්  මිතුරාට/මිතුරියට  ගැලපෙන පරිදි ලබා දුන්නේදැයි කියා දැන ගැනීමයි. දැන් අපි කතා කරන්න යන්නේ ඔබේ යහලුවන් සමග පෙරදින සිදුකල විකට සාදය ඔබේ ආයතන ප්‍රධානියාගේ ෆේස් බුක් news feed වලටනොයෙන ලෙස ෆේස් බුක් සැකසුම් (settings) සිදු කරගන්නා ආකාරයයි... 

බලන්න : FB2.ඔබේ දැනට පවතින පෞද්ගලික සැකසුම්

Post a Comment

0 Comments